(නිමන්ති රණසිංහ )

මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර තර්ජනය කළැයි කියන සිද්ධියට අදාළ වෘත්තිය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත සහ සංජීව ධම්මික යන අයවලුන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට  කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (26) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාල මහේස්ත්‍රාත් පරීක්ෂණය අද අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය .