(මනෝප්‍රිය ගුණසේකර)
වෙළඳ ඇමතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ ස.තො.ස. සේවකයන් ඔවුන්ගේ රාජකාරි කටයුතුවලින් බැහැරව දේශපාලන හා පෞද්ගලික කටයුතු වල යොදා ගැනීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කරමින් හිටපු සමුපාකාර ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙකුට එරෙහිව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශණ කොමිසම පවරා ඇති නඩුව පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මතුකළ මුලික විරෝධතාවය ප්‍රතික්‍ෂෙප කළ කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නඩුව විභාග කිරීමට අද (10) තීරණය කළේය.
ඒ අනුව නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ජුලි මස 20 වැනිදා පැවැත්වීමටද තීරණය කළේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙළඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ සතොස ආයතනයේ සේවකයන් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර එම ආයතන මගින් වැටුප් ගෙවමින් දේශපාලන කටයුතු වල යෙදවීම හරහා රජයට පාඩු කළ බවට චෝදනා කොට අල්ලස් පනතේ 70 වන වගන්තිය යටතේ අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු” සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු අධ්‍යක්ෂවරයකු වන මොහොමඩ් සාකීර් නමැත්තන්ය. නඩුව මීට පෙර අවස්ථාවක කැඳවනු ලැබු අවස්ථාවේදී විත්ති පාර්ශවයේ නීතීඥවරුන් මුලික විරෝධතාවයක් මතු කරමින් විත්තිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අල්ලස් කොමිසමේ කොමසාරිස්වරු තිදෙනාම අත්සන් කොට නොමැති හෙයින් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව පවරා ඇති නඩුව පවරා පවත්වාගෙන යෑමට නොහැකි බවට විත්ති පාර්ශවයෙන් මුලික විරෝධතාවයක් මතු කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විත්තියේ විරෝධය නොතකා ජොන්ස්ටන්ගේ නඩුව අහයි
පැරකුම් Wednesday, 10 May 2023 10:29 PM
බොරු වැඩ අපි ඕවට රැවටෙන්නෙ නෑ. අනිවාර්යයෙන්ම විත්තිකරු නිදොස් කොට නිදහස්…!
විසිල් Thursday, 11 May 2023 06:52 AM
තුට්ටු දෙකේ දේශපාලන පුවත් නිසා තරුණ/ළමා සිත් දූශනය වේ.
nandani Thursday, 11 May 2023 09:24 AM
පොහොට්ටුවේ සාමාජිකයන්ට සහා උන්ගේ වල වහල් බයියන්ට හෙණ හත වැදියන් , උන් මකබැවිලා පල !!!
fairoos Thursday, 11 May 2023 12:26 PM
ඇමතිකමක් දෙමුද ? කාලකන්නි රට කෑව.