
(අංජුල මහික වීරරත්න)
විශ්වවිද්‍යාලවලට ලබාදෙන පිළිගැනීම වෘත්තීය පුහුණු ආයතනවලටත් ලබා දීමට රජයේ අවධානය යොමු වී ඇතැයි අධිකරණ අමාත්‍ය උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති විජේදාස රාජපක්ෂ මහතා පැවසීය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ වෘත්තීය පුහුණු අධිකාරිය වෙනුවට ස්වාධීනව කටයුතු කළ හැකි උසස් අධ්‍යාපන කොමිෂන් සභාවක් යෝජනා කර තිබෙන බවද අමාත්‍යවරයා කීය.
එම උසස් අධ්‍යාපන කොමිෂන් සභාව යටතේ රාජ්‍ය විශ්වවිද්‍යාල, පෞද්ගලික විශ්වවිද්‍යාල, වෘත්තීය විශ්වවිද්‍යාල යන ඒකක තුනක් සහ ඒවායෙහි ප්‍රමිතිය ආරක්ෂා කර ගැනීමට වෙනම ඒකකයක් ද ක්‍රියාත්මක වෙන බව විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.
වෘත්තීය පුහුණු අධ්‍යාපනය රටක අවශ්‍යතාවයක් බැවින් ඒ සඳහා පිළිගැනීමක් ලබා දිය යුතු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (12) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෘත්තීය පුහුණු මේ තත්වයට ඇදලා දාලා තියෙන්නේ දේශපාලන පත්වීම් නිසා... එක්කෝ ගාල්ලේ, නැතිනම් හම්බන්තොට සුදුස්සන් බඳවාගන්න තියෙන පනත ඕනෑවටත් වඩා වැඩියි. 1995 පළවෙනි පනතින් VTA එක හදලා තියෙන්නේ ඉතා හොඳ පනතක්...
ඔකෙන් වෙන්නෙ උපාදියෙ තත්වය බාලවීමක්.
ඔය ස්වාධීන කොමිෂන් සභාව කියන්නේ දේශපාලනීකරණය කියන එක. තමාට ගැති කෙනෙක් දාගෙන. තමාට කැමැති දේවල් කරගන්න එක. මතකයිනේ එහෙම සභාපති කෙනෙක් ගෙදර යැව්වා. අන්තිමට ස්වාධීන කිව්වට, සාමාන්‍ය ජනතාවට එකම එක දෙයක්වත් වුණාද?
පච theme එකක් ඉස්සරහට දාගෙන විකාර කියෝනවා මුන්. ඊට කලින් කැස්බෑවේ පොදු වැසිකිලිය හදලා ඉදින්...