(ඉන්දිකා රාමනායක)
සුරියවැව මදුනාගල ප්‍රදේශයේ ගොවි පොළක අක්කර 20ක විස්සක පුරා අඹ වගා කර ඇති භූමියකට හොර රහසේ ඇතුළු වී රුපියල් ලක්ෂ 7 කට ආසන්න අඹ තොගයක් කඩා ගැනීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මෙම සැකකරුවන් සිව්දෙනා ඊයේ (27) පසුවරු 6.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ මෙම අඹ වගා භූමියට ඇතුළු වී මෙලෙස අඹ කඩාගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ලැබුණු ගොවිපොළේ හිමිකරුට ලැබුණු තොරතුරකට අනුව ප්‍රදේශවාසීන් සමඟ එක්ව සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සූරියවැව සහ හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් ඔවුන් අතර වයස අවුරුදු 14 ක පාසල් සිසුවෙක් ද සිටින බව පොලීසිය කියයි.
සූරියවැව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එදා වේල හොයාගන්න කඩාගනිල්ලකො. සේසතම හූරගෙන කන්නෙ නැතිව .
ගහපිය කනවල් පැලෙන්න මල පෙරේතයන්ට
ලක්ෂ 7 ක අඹ කඩලලූ? අනේද කියන්නේ ? අඹ කොච්චර කියලා කැඩුවද? දෙයියෝ තමා දන්නේ?
ඕක මොකද්ද එකෙක් මහ බැංකුවට පැනල US$ මිලියන 11 ක් හොරා කෑවේ
යකඩෝ අඹ වල ගණන්
වගා කරන මිනිස්සු තමයි දන්නේ ඒකේ දුක .ගෙඩි හැදුනම කඩන් යන්න හොරු හැදුනම මේ රටේ වගා කරන්න මිනිස්සු නැති වෙයි
ඉඩම් වගා නොකර මේකත් ප්‍රබල හේතුවක් වන සතුන්ගෙන් වන හානිය වගේම හොර සතුන්ගෙනුත් වගාවන්ට විශාල හානියක් වෙනවා..
මහ පොළෙවත් එක්ක ඔට්ටු වෙලා අමාරුවෙන් වගාවක් කරල හම්බ කරල දියුණු වෙන මිනිස්සුන්ට මේ වගේ බලු වැඩ කරන උන්ට උපරිම දඬුවම් දිය යුතුයි
වගාහානිය සහ සොරකම නිසා වගාවෙන් ගොවියා ඈත්වෙනවා. ඒකයි මේතරම් විදේශ මුදල් අර්බුදයකට යන්නෙත්... කොහොම වුණත් කාර් එකකින් ඇවිත් ලක්ෂ 7ක අඹ කැඩුවා කියන එක පිළිගනින අමාරුයි.