(රංජිත් රාජපක්ෂ)

නුවරඑළිය සංචාරක හෝටලයක් තුලදී භෞත චිකිත්සකවරියක් ඝතනය කර සැඟව සිටි සැකකරු සහ සැකකරුගේ නීත්‍යානුකූල බිරිද අද අලුයම යාපනයේ පොලිස් කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගත් බව නුවරඑළීය පොලිසියේ උසස් නිළධාරියෙක් පැවසීය.

සැකකරු සහ ඔහුගේ බිරිද වෙස්වලාගෙන වැල්ලවත්තේ සිට යාපනය දක්වා ගමන් ගන්නා සුඛොපබෝගි බස් රථයකින් ගමන් කරන බවට ලද තොරතුරක් මත බස් රථයේ ජි.පී.එස්. තාක්ෂණය පරික්ෂා කරමින් බස් රථය යාපනයට ලගා වන අවස්ථාවේ සැකකරුවන් දෙදෙනාම අත්අඩංගුවට ගත් බවෙ එම නිළධරියා කියා සිටියේය.

සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලද විගසම ඒ පිලිබදව යාපනයේ කොට්ඨාශ අපරාධ විමර්ෂණ අංශයට දැනුම් දුන් බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් නුවරඑලිය පොලිසිය වෙත රැගෙන විත් නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන විමර්ෂණ කටයුතු සිදු කරන බවයි එම නිළධාරියා වැඩි දුරටත් කියා සිටියේ.