(හර්ෂණ තුෂාර සිල්වා)
ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් බිහි කිරීමට රාජ්‍ය නායකයා ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් කරමින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සකස් කළ වාර්තාව අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිළිගැන්විණි.
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා එම වාර්තාව ජනාධිපතිවරයා පිළිගැන්වීය.
විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාවේදී මෙම උත්සවය පැවැත්විණි.
ජාතික ප්‍රතිපත්ති විශේෂයෙන්ම ජාතික වෙළෙඳ ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කරමින් අදාළ වාර්තාව සකස් කර තිබෙන අතර ඊට ඇතුළත් විය යුතු පරිච්ඡේද මොනවාද යන වගද මෙම වාර්තාවට ඇතුළත් කර තිබේ.
ලොව අනෙකුත් රටවල ආණ්ඩු මාරු වීමත් සමඟ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් නොවෙන බවත් ඊට හේතු වී ඇත්තේ එම රටවල ජාතික ප්‍රතිපත්ති බිහි කර ඒ අනුව ක්‍රියාත්මක වීම බවත් මෙම කර්තව්‍යයේ අරමුණු පැහැදිලි කළ විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පැවැසීය. රටක ස්ථාවරභාවයට සහ දියුණුවට එය අත්‍යවශ්‍ය සාධකයක් යැයි ද හෙතෙම කීය.
ශ්‍රී ලංකාව නිදහස ලබා වසර 72ක් ගෙවී ගිය ද මෙතෙක් කිසිදු ජාතික ප්‍රතිපත්තියක් බිහි වී නැති බව ද හෙතෙම එහිදි කීය.
කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය, ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
(ඡායාරූප - ළහිරු හර්ෂණ)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවිත්‍රා තුමිය ඔයාගේ පුටුව? නෑ එක්කෝ ඕනෑ නැහැ. 2/3ට අතහිත දෙමු..
මේ ගොට්ටෝ ටික නිසා ජනාධිපතිතුමත් ළඟදීම අමාරුවේ වැටෙනවා. මේ අය තමන්ට අදාල නැති දෙවල්ම තමයි කරන්නේ. රටේ ජනතාවට වහකදුරු වගේ. සුවසැරිය ගෙනාපු වෙලේ වැඩ වර්ජන කළා. මේ වෙනකොට කීදෙනෙකුගේ ජීවිත බේරාගෙන තියෙනවද සුවසැරිය මගින්...
මේ දොස්තරලා හිතාගෙන ඉන්නේ එයාලා ඔක්කොම දන්නවා කියලා ලංකාවේදී විතරයි.. මේ වගේ විකාර දකින්න පුළුවන්... වෙදකම නැතුව අනෙක් හැම දෙයක්ම මෙයාලා කරනවා.
බිස්නස් කාරයෙක්ද? බලන් ගියාම නොදන්නා දෙයක් නැහැ...
දොස්තරලා, කොන්දොස්තරලාගේ වැඩේ කරන්න ගියොත් ඔක්කොම අවුල් වෙනවා.
මේ ඉන්නේ රටේ ලෙඩ්ඩුන්ට විනකරන GOMA එකේ සෙට් එකනේ... ජනාධිපතිතුමනි, ඕකුන් ඔබතුමාට කිට්ටු වෙන්නේ හොඳකට නම් නෙවෙයි...
මේ වැදගත් කාර්යයට මොකද මහා සංඝරත්නයට ආරාධනා නොකළේ?
දොස්තර වැඩේ වත් හරියට කළා නම් මීට වඩා හොඳ නැද්ද?
මේ දොස්තර කල්ලිය නම් ළංකරගන්න එපා ජනාධිපතිතුමා... වෙන උගත්, බුද්ධිමත් දොස්තරලාගෙන් ඕන උපදෙසක් ගන්න.. මේ තක්කඩින්ගෙන් නැතුව.
අධ්‍යාපනය, විදෙස් කටයුතු, සෞඛ්‍ය, වෙළඳ, ආදී සෑම ක්ෂේත්රයකටම ජාතික ප්‍රතිපත්ති බිහිවිය යුතුමයි. ගරු ජනාධිපතිතුමා එය කරාවි යැයි විශ්වාස කළ හැකියි. එතුමාට ව්‍යවස්ථා දායකයේ බලය අවශ්‍යයි. පක්ෂ බදාගෙන නොසිටින බුද්ධිමත් ජනතාව එය ඉටු කරාවි...
ආර්ථික විද්‍යාඥයින් රටේ නොමැතිද? වෙළඳ ප්‍රතිපත්තිය නියම ලෙස අර්ථකථනය නොකළොත් රට අගාධයට යනු ඇත. මේ සඳහා මූලිකව කටයුතු කළයුත්තේ ආර්ථික විද්‍යාඥයින් මිස වෛද්‍යවේදීන් නම් නොවේ.
මේ අර දොස්තර මහත්තයාට උණට, හෙම්බිරිස්සාවට බේත් ටිකක්වත් දෙන්න බැරි කෙනානේ. මොන ජාතික ප්රතිපත්තිද මෙයාලාගෙන්...? ඔය එන්නේ ජාතික ලැයිස්තුවට. මෙයාලා රටම කන ජාතියක්... පරිස්සමින් මහජනතාව. දුටු තැන කොස්ස ගන්න..
සමස්තයක් හැටියට ගත්විට දොස්තර ඇතුළු ව්‍යාපාරික හා ආදායම් කට්ටියට ලොකු බදු සහන දීමටත්, එහි අතුරුඵලයක් ලෙස බඩුමිල වැඩිවී අපේ බත්පතේ වැලි දාන්නටත් රෙකමදාරු කර ඇති...
මම මේ ජනාධිපතිගේ අතීත ක්‍රියාවන් නම් තදින් විවේචනය කරපු කෙනෙක්. නමුත් මට දැනෙනවා එතුමාට රට වෙනුවෙන් යමක් කරන්න අවශ්‍යතාවයක් තියනවා කියලා. නමුත් එතුමා වටේ මේ ගැවසෙන හදවත් නැති අාත්මාර්ථකාමීන්ගෙන් ගැළවුනේ නැතිනම් එතුමත් හිටපු නායකයන්ට වඩා අපකීර්තියට පත්වෙන බවනම් විශ්වාසයි.
අම්මට සිරි. බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා. සියල්ල දත් කට්ටිය කියලා හිතාගෙන ඇති...