(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑමේ හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව එහි මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
මෙම යෝජනාව ගෙන එනු ලබන්නේ විපක්ෂය විසිනි.
පාර්ලිමේන්තුව ලබන මස 3 වැනිදා සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 - පෙ.ව 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කෙරෙනු ඇත.
සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම), සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ නියෝග සහ අධිකරණ සංවිධාන පනත යටතේ නියමය ලබන මස 03 වැනිදා අඟහරුවාදා පෙ.ව. 10.30 සිට ප.ව.5.00 දක්වා විවාදයට ගැනීමට නියමිතය.
ඉන් අනතුරුව ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙන එනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයක් විවාදය ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා පැවැත්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොබ්බ විපක්ෂය දවසකට රු. ලක්ෂ 60 ගානෙ වියදම්වන පාර්ලිමේන්තු විවාද තියල ජනතාවට මොනවාද ලැබුනේ? උන් කයිවාරු ගහල වීඩියෝ ක්ලිප් යූ ටියුබ් දාලා පොරවල් වෙන්න බලනවා.
අපේ අකුදී සහෝදර මහතා රටේ අනාගත නායකයා බවට පත්වූ විගස මෙරටින් නොරට ගොස් පෙට්‍රල් ශේඩ්වල, ඇපල් වතුවල, තෘණ බිම්වල රාජකාරි කරන සියලුම වුර්තිකයන් නැවත තම මව් රටට පැමිණෙනු ඇත. ඉන්පසු ඔවුන්ගේ මහාර්ඝ දැනුමින් ශ්‍රී ලංකාව පළමු වැනි ලෝකයේ රටක් බවට පත් කරනු ඇත. මින් පෙරදී වැව් දහසක් නැවත හාරා වැඩ පෙන්වූ එතුමා මේ ලගදි සමුපකාරයක් ද ගොඩ ගත්තා සේ ඊලගට මුළු රටම ගොඩ යනු ඇත. ඕනෑම රජයකට උපදෙස් දෙන කොමෙන්ටු කොටන්නන්ට ඉන්පසු ඔවුන්ගේ අවවාද උපදෙස් සදහා වෙනත් රටක් සොයා ගැනීමට සිදු වනු ඇත.
ප්‍රදාන හේතුව. මේ විවාදය කරන එකෙක් හරි ඉල්ලා අස් වෙනවද මොන හොරතක්කඩි වැඩේ කෙරුවත් මොවුන්ගෙ පට්ටම් ගැලවෙන්නෙ නැහැ. ඒවා තව තද වෙනවා. මේනුගත් රැල නිසා හිගන්නාටත් රට එපා වෙලා තියෙන්නෙ. මේ නඩෙයි. නිතියසුරකින් කියන නඩෙයි. සේරමෛන්න ඕන හිර ගෙදර. රට ලස්සන වුනාට වැඩක් තියෙනවද. රට කරවන උන් ගොන්නු නම්. මොලේ තියෙන හැම කෙනාම පවුල් පියින් රට හැරයන්නෙ. මේ. වන්චාකාරයින් නිසා. මොවුන් සේරම හිරේ දාලා දේපල රාජසන්තක කෙරුවානම්. ඔය ගිය සේරම එනවා රට ගොඩගන්න. මේතරම් රට වැටිලා තියෙන වේලාවෙ. මහ මොලා කාරයා දුත යොත් එක්ක පිටරටවන්දනාවෙ ගියේ. ජනතාව්ගෙ රටේ මුදල් නාස්තිකරමින් මොවුන් එකෙක් ඒවාට විරුද්ද වුනාද. උබල නම් ඉතිහාස ගතවෙන්නෙ. අපායේ
අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තිබෙන අතර බදු ගෙවන්නන් ඒ සඳහා මුදල් ගෙවනවා. එය නැවැත්වීමට අවශ්‍ය පියවර රජයට ගත හැකියි
අපේ රටේ නිදහස් අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ බදු ගෙවන අය අධ්‍යාපනයට ගෙවන නිසා .පාර්ලිමේන්තුව නිකම් කතා කඩයක් නවත්වන්න රජයට අවශ්‍ය පියවර ගත හැකියි.