IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වතුකම්කරු පඩිපාලක සභාව කැඳවන්නයි ඉල්ලීමක්

(යොහාන් භාසුර)

ජීවන වියදම ඉහළ යාමත් සමග වතු කම්කරුවන්ගේ දිනක වියදම රුපියල් 3500 කට වඩා ඉහළ යාම පිළිබඳව අවධානය යොමු කරමින් තේ වැවීමේ සහ සෑදීමේ කර්මාන්තය පිළිබඳව පඩිපාලක සභාව නැවත වරක් කැඳවන ලෙස ලංකා ජාතික වතු කම්කරු සංගමය පඩිපාලක සභාවෙන් ලිඛිතව ඉල්ලීමක් කළේය.

ජාතික වතු කම්කරු සංගමයේ ප්‍රධාන ලේකම් වඩිවෙල් සුරේෂ් සහ එම සංගමයේ උප සභාපති සුජිත් සංජය පෙරේරා මහත්වරු මෙම ඉල්ලීම කළහ.

එම ලිපිය පඩිපාලක සභාවේ ලේකම්  වසන්ත ගුණවර්ධන, කම්කරු අමාත්‍යංශයේ ලේකම්  ආර්. පී. විමලසේන සහ කම්කරු කොමසාරිස් ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරු වෙත භාර දුන්හ. 



අදහස් (0)

වතුකම්කරු පඩිපාලක සභාව කැඳවන්නයි ඉල්ලීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 413 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site