(යොහාන් භාසුර )
වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් ගැසට් නිවේදනයක් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වතු සේවක අවම දෛනික වැටුප රුපියල් 1700 දක්වා ඉහල නැංවීමේ නිවේදනය මැයි දිනයදා ප්‍රකාශයට පත් කළ අතර ඒ අනුව වතු සේවකයින්ගේ මූලික වැටුප රුපියල් 1350 දක්වා ඉහළ යන අතර ඵලදායීතාව මත පදනම්ව රුපියල් 350 ක් හිමිවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වතු කම්කරුවන්
රනිල්ගෙ වතුවලින් පටන් ගන්න කියන්න
වතු ආණ්ඩුවට අයිතිද?ගැසට් ගැහුවම වතුවල ආදායම වැඩි වෙනවද?
මනුෂ කියන වාචාල මෝඩ කොටළුවා රනිල්ට දුන්න ලණුවක්. වතුකරයේ වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රශ්න ගොඩාක් ඇතිකරන මේ ගැසට් එකක්
ජනපති සිහිනයට සිලෝන් ටි නැතිකරයි වගේ
හිටපු කෙනා පොහොර නොදී වතුවලට කෙලෙව්වා . මෙතුමා ගෙවන්න බැරි වැටුපක් ගෙවන්න බලකරලා ඊට සමාන තත්වයක් ඇති කරනවා . අමු තේ කිලෝවකට රු 215 ක් ලැබිල මේ වැඩේ කරන්න බැහැ කියල මෙතුමාගේ වටේ ඉන්න නිලධාරීන්ටවත් කියල දෙන්න බැරිද ?
ගැසට් ගහනවාා කියන්නෙම වැඩේ අස්ථිරයි කියන එක..