IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මහා භාණ්ඩාගාරයට සහ රටේ ආර්ථිකයට අඛණ්ඩව වැය බරක් නොවී දේශීය හෝ විදේශීය ආයෝජන වල සහාය ඇතිව රාජ්‍ය ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කර මනා පාලනයකින් යුතුව පවත්වා ගත යුතු බව හඳුනා ගෙන ඇතැයි රජය පවසයි.

 ඒ සඳහා කාර්යක්ෂම සහ විනිවිද භාවයෙන් යුත් යාන්ත්‍රණයක් හඳුන්වා දිය යුතු බව රජයේ ප්‍රතිපත්තිය වේ. රජය සතු ව්‍යාපාරික සමාගම් මනා කළමනාකරණයකින් යුතුව හා අවශ්‍ය ප්‍රතිසංස්කරණයන් සිදු කර පවත්වා ගෙන යාමට අවශ්‍ය නව නෛතික රාමුවක් හඳුන්වා දීම සඳහා " රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත " නමින් මූලික කෙටුම් පතක් මේ වන විට සකස් කර ඇත. 

එමඟින්, රාජ්‍ය ව්‍යවසායයන් සම්පුර්ණයෙන්ම දේශපාලන බලපෑම් වලින් ඉවත් කිරීමටත්, එහි අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා වෘත්තීය සුදුසුකම් සහිත ක්ෂේත්‍රයන්හි ප්‍රවීණත්වයක් ඇති  වෘත්තිකයන් පත් කිරීමටත් හැකි වනු ඇත. 

ඒ අනුව, එකී මූලික කෙටුම්පත සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප‍්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, එකී මූලික කෙටුම්පත සමාලෝචනය කර තවදුරටත් වැඩි දියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීම පිණිස පහත සඳහන් සංයුතියෙන් යුත් විශේෂ කමිටුවක් පත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු (සභාපති),කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති,  වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ,මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහත්වරු කමිටු සාමාජිකයෝ වෙති.



අදහස් (0)

වාණිජ පනතක් වැඩිදියුණු කරන්න ඇමති කමිටුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 709 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2376 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1743 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site