
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිළියන්දල මඩපාත පන්සල පාරේ වැඩිහිටි නිවාසයක උප සහායිකාව ලෙස කටයුතු කළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුර එම නිවාස භූමියේ ළිඳක තිබී අද (16) සොයාගත් බව පිළියන්දල පොලිසිය කියයි
මෙලෙස මියගොස් ඇත්තේ නිතා යෞවනි නැමැති 64 හැවිරිදි කාන්තාවකි.
මෙම වැඩිහිටි නිවාසය පවත්වාගෙන යන පාලකවරිය දන්නා හඳුනන කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් මීට වසර අටකට පමණ ඉහතදී මිය ගිය කාන්තාව භාරදී තිබූ අතර ඇයගේ ස්ථිර ලිපිනයක් හෝ ඥාතියකු සම්බන්ධ තොරතුරක් හෝ ලබාදී නොතිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
එලෙස මෙම කාන්තාව බාර දුන් පුද්ගලයන්ද කඩුවෙල එම නිවසේ නොමැති බවට පාලකවරිය පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd