
(සුමිත් පොතුපිටිය)
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරියෙක් පැවසීය.
කළුතර නගරයේ සැරිසරමින් සිටි සංචාරක මඟ පෙන්වන්නෙකු විදේශිකයාට උදව් කරන මුවාවෙන් කළුතර නගරයේ පිහිටි අවන්හලකට රැගෙන ගොස් උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් මිලදී ගැනීමට සලස්වා තිබේ.
පසුව බෙල්ජියානුවා සංචාරක මඟ පෙන්වන්නා ගෙන් එහි මිල විමසා ඇති අතර , මිල රුපියල් දහසක් බව පළමුව ඔහු දැනුම් දී තිබේ.
මිල අදහා ගත නොහැකි බව විදේශිකයා සංචාරක මඟ පෙන්වන්නට දැනුම් දී ඇති අතර, පසුව එය රුපියල් 800 ක් දක්වා අඩුකර ඇති බව වාර්තා වේ.
පසුව විදේශිකයා රුපියල් දහසක මුදලක් ලබා දී ඉතිරි මුදල් ලබාගෙන වෙළඳ සැලෙන් පිටව ගොස් ඇති අතර, සියල්ල ජංගම දුරකථනයේ පටිගත කොට තිබේ.
ඔහු වෙළඳසැල ඉදිරිපිට රැඳී සිටිමින් මහමග ගමන් ගත් කාන්තාවන් දෙදෙනකුගෙන් උළුඳු වඩේ එකක මිල විමසා ඇති අතර, එහි සාමාන්‍ය මිල රුපියල් 150 ක් පමණ වන බව ඇය විසින් දැනුම් දී තිබේ.
බෙල්ජියම් ජාතිකයා එය ද සිය ජංගම දුරකථනයේ පටිගත කොට අන්තර්ජාලයට මුදා හැර ඇති අතර, එය නිරීක්ෂණය වීමෙන් පසු සංචාරක පොලිසිය සහ පාරිභෝගික සේවා අධිකාරිය විසින් සංචාරක මඟ පෙන්වන්නා අත්අඩංගුවට ගෙන අධික මිලකට අලෙවි කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් වෙළඳසල් හිමියාටද නඩු පැවරීමට ක්‍රියාකර ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක මඟ පෙන්වන්නා හෝ වෙළද ආයතන තුළ මෙවැනි සිදුවීම් සිදුවන්නේත් දුෂිතයන් බිහිවන්නේත් (ව්‍යාපාරිකයන් සහ මඟපෙන්වන පුද්ගලයන් ) රට තුළ නිසි ක්‍රමවේදයක් නොමැති නිසාවෙනි. වැරදි කරනාවූ පුද්ගලයනට දඩුවම් ලබදෙනසේම ක්‍රමවේදයක් ඇතිකළ යුතුවේ.
මූටත් දේශපාලුවන්ට ගහන හෙණම ගහන්න ඕනේ.රට කන එවුන් .ජාතිය දහම විනාශ කරන එවුන්
අනේ මහත්තයෝ ..ඔය විදියට කොන්ද පණ තියෙනවා නම් එයාර්පෝර්ට් එකේ ඉන්න හොර ටැක්සි කාරයො ටිකයි ,ට්‍රොලි තල්ලු කරන්න ඉන්න හොර පෝටර්ල ටිකයි අල්ලන්නකො.මිනිහෙක් රටට පය තිබ්බ තැනින්ම හූරන් කන්න හදන්නෙ අන්න ඒ හොරු සෙට් එක.මිනිස්සුන්ට වදයක් වෙන විදියට හැසිරිල බලෙන් සල්ලි ගන්න ඒ අයව අල්ලන්න බයයිද නැත්තන් තමන්ගෙ පංගුව නැති වෙන නිසාද?
ඉතින් සංචාරකයෝ එයිද?
අයකලා වගේ දස ගුණයක් සංචාරකයාට වන්දියක් හැටියට ගෙවීමට කටයුතු කළොත් ඔහොම දේවල් නොවෙයි කියලා හිතෙනවා. වාහන සඳහා දඩකොළ දෙන ආකාරයට මොවුන් සඳහා ක්ෂනික ක්‍රියාමාර්ග ගැනීම සංචාරකයින්ට පහසුයි වගේම රටේ නම්බුවටත් හොඳයි...
රටට ඩොලර් ගේන්න කිව්වට මොන බලු වැඩේ හරි කරලා ඩොලර් ගෙන්න කිව්වේ නෑ
මෙය නැවැත්විය යුතුයි. තායිලන්තයේ මෙවැනි වංචා බහුලව සිදුවන බව මම අත්දැක ඇත්තෙමි.
මේ වගේ නීචයෝ ඉන්දියාවේ කලාතුරකින් ඉන්නවා. ඒත් තායිලන්තය මැලේසියාව වගේ රටවල් එහෙම නෑ. ඒ රටවල මිල සෑම විටම ප්‍රදර්ශනය කර තියනවා. ආහාරවල තත්ත්වය ඉතාම ඉහළයි.අපට වඩා මිලත් අඩුයි. කෑමට අපි ගෙවන මිල ඉතාම අසාධාරණ බව පේනවා. විශේෂයෙන්ම පලතුරුවල තත්ත්වය දියුණු කළ යුතුයි. වස යොදා නොමේරූ පලතුරු ඉදවීම නීති මගින්ම තහනමට ලක්විය යුතුයි.
කාලකණ්ණියාව තියන්න ඕනේ ඇතුලේ මාසයක් වත්...
සංචාරකයන්ගේ ආරක්ෂාව සදහා ක්ෂනික දුරකථන අංකයක් සංචාරක කටයුතු භාර අමාත්‍යාංශය විසින් සකසා ගුවන් තොටුපලේ දී සංචාරකයන්ට දෙනවා නම් හොදයි කියලා හිතන්නේ නැද්ද?
මේ වෘත්තීමය සංචාරක මග පෙන්වන්නෙකු විය නොහැකියි.. ඒ මොහොතේ සංචාරකයා සතු මුදලක් කොල්ලා කෑමට ඉදිරිපත් වූ තක්කඩියෙකි. දැඩි පියවරක් ගැනීමෙන් මෙබඳු සිදුවීම් යළිත් සිදූවීම පාලනය කිරීමට කටයුතු කරන්න.
වෙළෙන්දා පමනක් නොවෙයි, රජයත් කරන්නේ මේකමනේ... සත්තු වත්තට ගියත්, සීගිරියට ගියත් ඔය මිල ගහලාම තියෙන්නේ දේශීය විදේශීය වෙන වෙනම...!
අපිට වගේම සංචාරකයන්ටත් මේ රටේ මිල අධික බවයි ඔවුන් පවසන්නේ, මේ උද්ධමනය යථා තත්ත්වයට ඒම පේන තෙක් මානයක නෑ
වඩය කියනකොට මට බදුල්ල මතක් වුණා...