(උපාලි ආනන්ද)

රජයේ පාලන මිළට වඩා වැඩි මිළට සහල් අළෙවි කළ බවට අධිකරණය හමුවේ වරදකරුවන් වූ වෙළෙදසැල් හිමියන් අට දෙනකුට  රුපියල් අට ලක්ෂ අසූ දහසක දඩයක් ගෙවන ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් විමල් වීරසිංහ මහතා නියම කළහ.

ඒ අනුව මෙම සැකකාර වෙළෙදසල් හිමියන් අට දෙනා අතරින් පස් දෙනකුට වෙන් වෙන් වශයෙන් මුදලින් රුපියල් ලක්ෂය බැගින් ද එක් වෙළෙදසල් හිමියකුට මුදලින් රුපියල් එක් ලක්ෂ තිස් දහසක් වශයෙන් ද තවත් වෙළෙදසල් හිමියකුට මුදලින් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් වශයෙන්ද මෙම අට ලක්ෂ අසූ දහසක දඩ මුදල නියම විය.

අනුරාධපුර නව පුත්තලම් පාර දෙවන පියවර මානනඩු ග්‍රොසරි ඇන්ඩ් ෆාම් ෂොප් හී කළමනාකරු එම්. වික්‍රමපාල,අනුරාධපුර ජයන්ති මාවත හේමමාලි ටේ‍රිඩර්ස්හී කළමනාකරු ඩී ජී විජිත, අනුරාධපුර ගුවන් තොටුපල පාර  ලක්සර ස්ටෝර්ස්හී කළමනාකරු එස් සුගතපාල, සාලියපුර දුම්රිය පොල ඉදිරිපිට ඉඳුවර ස්ටෝර්ස්හී කළමනාකරු ජී. ඩබ්. පී. පී. සමන්මලී, පරසන්ගස්වැව රත්මලේ හංදිය රාජා ස්ටොර්ස්හී කළමනාකරු ජේ ජයසේන, අනුරාධපුර දහයියාගම හංදිය ෆුඩ් මාර්කට් හී කළමනාකරු එස් ඊ ලාලන චරින්ද කුමාර, යකල්ල මෙගොඩවැව කපුවත්ත රසිදූ සුපර්හී කළමනාකරු පී උපාලි පියරත්න සහ ශ්‍රාවස්තිපුර ටෙස්ට්කෝ ලංකා රයිස් මිල්ස්හී කළමනාකරු සදාස් මොහොමඩ් සිරාස් යන අයවලුන්ටය

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී. ඒ5. සී. පී. පෙරේරා සහ විමර්ශන නිලධාරීි සමන් අබේසිංහ යන මහත්වරු  සැකකාර වෙළෙසල් හිමියන් අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට සහ කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරමින් කළහ.