
(පියදාස සමරවීර හා හේමන්ත රණසූරිය)
වැලිඔය පාසලක විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවයට සහභාගිවීම සදහා පාසල කලින් නිමා කර දරුවන් නිවෙස්වලට එවූ බව මවුපියෝ පවසති.
වැලිඔය ගජබාපුර මුලතිව් පරණගම විදුහලේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කරන විදුහල්පතිනියගේ පුතාගේ විවාහ මංගල්‍යය උත්සවය 10 දා පැවැත්වෙන බැවින් එකී මනමාලිය ද එම පාසලේම ස්වේච්ඡා ගුරුවරියක් නිසාවෙන් ම ප්‍රාථමික දරුවන් 10.30 ට හා ඉහල පංතිවල දරුවන් 11.00ට පමණ මෙසේ අවසන් කර ඇත.
ගුරුවරු ගුරුවරියන් දහවල් 11.00 පාසලෙන් බැහැර ගොස් ඇති බවද පැවසේ.
1 - 11 පංති පැවත්වෙන මෙම පාසලේ සිසු දරුවන් 200 ට ආසන්න පිරිසක් ඉගෙනුම ලබන බවත්. ගුරුවරුන්ට 20 ට ආසන්න පිරිසක් සේවය කරන බවද තොරතුරු වාර්තා වේ. සිවිල් ආරක්ෂක ගුරුවරු දෙදෙනකු හා ස්වෙච්ඡා ගුරුවරු ලෙස හය දෙනකු පමණ මේ අතර සිටින බවද අනාවරණය විය.
ඉතා කටුක ජීවිතයක් ගත කරමින් පාසල් යවන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එක් දිනක් හෝ කඩාකප්පල්කිරීම ඉතා ශෝචනීය බවද ගම්වැසියෝ කියති.
මේ සම්බන්ධව තොරතුරු දැනගැනීමට අප එම පාසලේ විදුහල්පතිනිය වන ආර්. කේ. ඇනස් ශ්‍රියාලතා මහත්මිය සමග දුරකථනයෙන් සම්බන්ධ වීමේ දී ඇය මෙසේ ප්‍රකාශ කලේ ය.
" ඔයා ඔය ගැන දැනගන්න සදුදට පාසලට එන්න. ඔයා වැලිඔය ඉන්නව නම් සම්පත්නුවර මගුල් ගෙදර අපි ඉන්න තැනට එන්න යැයි අපගෙන් ඉල්ලීමක් කළ අතර එය අප ප්‍රතික්ශේප කිරිම නිසා පාරේ දී හෝ හමු වී කතා කරමු යැයි කීවා ය. එයද අප ප්‍රතික්ෂේප කළේය.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙඩිමට යන්න පාසල කලින් වහලා
Kasun Aravinda Thursday, 10 August 2023 10:51 PM
විසි දෙනාටම නිවාඩු ලබාගැනීමේ අයිතිය තිබියදී ඒ දවසින් භාගයක් හෝ දරුවන්ට ඉගැන්වීම සඳහා භාවිතා කිරීම වටිනා දෙයක් ලෙසයි මගේ නම් හැඟීම...
pj Friday, 11 August 2023 01:50 AM
පියදාස සමරවීර හා හේමන්ත රණසූරිය එම විදුහල්පතිනියගේ තරහ කාරයෙකු සමඟ සම්බන්ධ බව පෙනේ. එම දුෂ්කර ප්‍රදේශය සම්බන්ධයෙන් පළකිරීමට මීට වඩා වැදගත් ප්‍රවෘත්ති එමටයි...
don Friday, 11 August 2023 03:29 AM
කමක් නැහැ... මානුෂීයයි. දෙන්නම පාසලේ ගුරුවරු... මව පාසලේ විදුහල්පතිනිය... අපි පොඩි කාලේ අපිට කොච්චර නිකරුණේ පාසල් දවස් අහිමිවෙලා තියෙනවද? කෝ එහෙමයි කියලා අපිට වැරැදුණාද? පාසල දවස් 365 ම පැවැත්වුවත් අසාර්ථක වෙන ළමයි ඉන්නවා. ඒ වගේම දින 365ම වැහුවත් සාර්ථක වෙන ළමයි ඉන්නවා.
සල්ලි Friday, 11 August 2023 07:09 AM
කොළඹ පාරවල් වහලා රේස් පැද්දේ, ඕක මොකක්ද ?
DM Friday, 11 August 2023 07:41 AM
ඔය ජෝඩුවම කැපවෙලා සුවෙච්චාවෙන් හැමදාම ඔය පාසලේම උගන්නනවනම් තමන්ගෙ ලමයින් වෙනුවෙන් කැපවෙලා වැඩකරන දෙන්නෙග්ගෙ මගුලකට එක දවසක් පැය දෙකක් වේලාසනින් ලමයින්ව ගෙදර ආවහම ක්තේඈග්රෙඅහ්න්නෙඅන සහ පත්තරේට ලියන්න තරන් පහත් මට්ටමක ඉන්න මිනිස්සු කියල. ඔක්කොටම හපන් මේ ගැන හිතන් නැතිව මේක පත්තරේට ලියපු රිපෝටර්ල.
Anura Friday, 11 August 2023 09:36 AM
කැලේ කොපමණ අලි මැරෙනවද වලිගෙ පිටින් ?
Kirthi Wickramasinghe Friday, 11 August 2023 12:35 PM
කිසිම වැදගත් කමකට නොගැලපෙන ,නොසන්ඩාල ලිපිනය තනිකරම අවස්‍තවාදී ,සන්විධානාමකව දුෂ්ට ප්‍ර්චාරයක් එක්කො දේශපාලන , නැත්නම් පුද්ගලික මේ ක්‍රරමයෙහි අඩුපාඩුවක් තියෙනවා
pakeer Friday, 11 August 2023 08:39 PM
ඒ පැතිවල ඉන්න මිනිස්සුන්ට අපිට වගේ හෝටල්වලට ගිහින්, රෙස්ටුරන්ට්වලට ගිහින් සත්තු වෙන්න බැහැ හැමදාම... අනික පැය දෙක කියන්නේ මොකක්ද? ඩීසල් නැතිව ඉස්කෝල වැහුවේ... සුමාන ගණන්... ඒවට වගකියන්නේ කවුද? නගුට පස්සේ ගහන් හිටියේ...
Buddhike Saturday, 12 August 2023 10:54 AM
අම්මෝ හරි පාඩුව. ගම්වැසියන්ට ඉරිසියාව. ඉස්කෝලේ ටීචර්ස්ලගේම වෙඩින් එකක්. පැයක් දෙකක් වැහුවම තමයි අමාරුව. අර බූරු දේශපාලුවන්ගේ වැඩ නිසා දවස් ගණන් වහලා තියෙන එකට ගම්වැසියන්ට පාඩු වුනේ නැද්ද?