
(සුජිත් හේවාජුලිගේ)
පාසල් පරිශ්‍ර ජල නාස්තිය (අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඊට පසු වැඩිම ජල නාස්තිය සිදු වන්නේ පූජා භූමිවල ජල සැපයුම් මාර්ගවලිනි.
මීළඟට ජල නාස්තිය සිදුවන ස්ථාන ලෙස රජයේ කාර්යාල සහ ආගමික ස්ථාන හඳුනාගෙන ඇතැයි ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා පැවසීය.
පාසල් සහ පූජා භූමිවලට ජල සැපයුම නොමිලේ සිදු කෙරෙන හෙයින් ජල නාස්තිය මෙසේ වැඩියෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජලය අපතේ යෑම නිසා මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර පූජා භූමිවලට සැපයෙන ජල සැපයුම වෙනුවෙන් යම් මුදලක් අය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අතර ජල නල කැඩීයාම, ජලය කාන්දු වීම වැනි හේතු සාධක නිසාද සැලකිය යුතු පානීය ජල ප්‍රමාණයක් අහිමි වන බව වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩිම ජල නාස්තිය පාසල්වල
යෝගා Monday, 02 January 2023 12:15 PM
ඕනෑම සේවාවක් නොමිලේ ලබා දුන්නාම අගයක් නෑ...
ganegoda Monday, 02 January 2023 12:39 PM
හාමතේ ඉන්න ළමයින් වතුර පානය කරමින් පාසල් කාලය ගතකරනකොට, මේක නාස්තියක් වගේද දකින්නේ..?
pakeer Monday, 02 January 2023 01:57 PM
අපේ ඉස්කෝලෙ එදත් වතුර නැහැ... අදත් වතුර නැහැ... අපි හැමදාම කට තියලා උරලා තමයි වතුර බිව්වේ... ඔයාලා නෑ කියන්නේ කොළඹ ඉස්කෝල ගැන වෙන්න ඇති මම හිතන්නේ....
සමන්ත Monday, 02 January 2023 03:38 PM
නිර්නායක වැරැදියි. නිවැරැදි වෙන්නේ පළමු තැන ජල නල නඩත්තු නොකිරීම නිසා සිදුවන අපතේ යාම... දෙවැන්න පාසල් (අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය) තෙවැන්න ආගමික ස්ථාන. (අපේ පන්සලේ නම් නල මාර්ගය තියෙනවා. ඒත් ඒවා කඩාදමා නිවන්සැප ලබන්න මණ්ඩලයේ නල එලීමක් කෙනෙක් කළා. අපිරිසිදු මලසුනේ මලක් තියලා නිවන් දකින්න බලන පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ... දහම් පාසලේදී කරන්නේ පොත කියවාදීම පමණයි. හොද නරක කියලා දෙනවා කියලා පේන්නේ නැහැ.. පිරිසිදු කරවන්නේ නැහැ. මොකද එහෙම කළොත් වැඩ ගත්තා කියලා ළමා රක්ෂණ අධිකාරියට යනවනේ.. මේවා බලන්න හැට හුටාහමාරක් නිලධාරින් හිටියට වැඩකුත් නැහැ. ඔවුන් එන්නේ ගමන් වියදම්, දීමනා ගන්න පමණයි.
දිමුත් Monday, 02 January 2023 03:55 PM
ඉතින් ඕක ළමයින්ට කියලා දෙන්නකෝ. ඉවරයිනේ.