
(සුජිත් හේවාජුලිගේ)
පාසල් පරිශ්‍ර ජල නාස්තිය (අපතේ යෑම) සිදුවන ප්‍රධාන ස්ථානය ලෙස හඳුනාගෙන ඇතැයි ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
ඊට පසු වැඩිම ජල නාස්තිය සිදු වන්නේ පූජා භූමිවල ජල සැපයුම් මාර්ගවලිනි.
මීළඟට ජල නාස්තිය සිදුවන ස්ථාන ලෙස රජයේ කාර්යාල සහ ආගමික ස්ථාන හඳුනාගෙන ඇතැයි ජාතික ජල ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (අයකිරීම්) ඒකනායක වීරසිංහ මහතා පැවසීය.
පාසල් සහ පූජා භූමිවලට ජල සැපයුම නොමිලේ සිදු කෙරෙන හෙයින් ජල නාස්තිය මෙසේ වැඩියෙන් සිදුවන බව පෙනී ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජලය අපතේ යෑම නිසා මණ්ඩලයට වාර්ෂිකව රුපියල් කෝටියකට වැඩි මුදලක් අහිමිවන බව එහි ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අතර පූජා භූමිවලට සැපයෙන ජල සැපයුම වෙනුවෙන් යම් මුදලක් අය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
මේ අතර ජල නල කැඩීයාම, ජලය කාන්දු වීම වැනි හේතු සාධක නිසාද සැලකිය යුතු පානීය ජල ප්‍රමාණයක් අහිමි වන බව වාර්තාවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනෑම සේවාවක් නොමිලේ ලබා දුන්නාම අගයක් නෑ...
හාමතේ ඉන්න ළමයින් වතුර පානය කරමින් පාසල් කාලය ගතකරනකොට, මේක නාස්තියක් වගේද දකින්නේ..?
අපේ ඉස්කෝලෙ එදත් වතුර නැහැ... අදත් වතුර නැහැ... අපි හැමදාම කට තියලා උරලා තමයි වතුර බිව්වේ... ඔයාලා නෑ කියන්නේ කොළඹ ඉස්කෝල ගැන වෙන්න ඇති මම හිතන්නේ....
නිර්නායක වැරැදියි. නිවැරැදි වෙන්නේ පළමු තැන ජල නල නඩත්තු නොකිරීම නිසා සිදුවන අපතේ යාම... දෙවැන්න පාසල් (අනාගත පරපුර වෙනුවෙන් ආයෝජනය) තෙවැන්න ආගමික ස්ථාන. (අපේ පන්සලේ නම් නල මාර්ගය තියෙනවා. ඒත් ඒවා කඩාදමා නිවන්සැප ලබන්න මණ්ඩලයේ නල එලීමක් කෙනෙක් කළා. අපිරිසිදු මලසුනේ මලක් තියලා නිවන් දකින්න බලන පිරිසක් තමයි ලංකාවේ ඉන්නේ... දහම් පාසලේදී කරන්නේ පොත කියවාදීම පමණයි. හොද නරක කියලා දෙනවා කියලා පේන්නේ නැහැ.. පිරිසිදු කරවන්නේ නැහැ. මොකද එහෙම කළොත් වැඩ ගත්තා කියලා ළමා රක්ෂණ අධිකාරියට යනවනේ.. මේවා බලන්න හැට හුටාහමාරක් නිලධාරින් හිටියට වැඩකුත් නැහැ. ඔවුන් එන්නේ ගමන් වියදම්, දීමනා ගන්න පමණයි.
ඉතින් ඕක ළමයින්ට කියලා දෙන්නකෝ. ඉවරයිනේ.