(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරුන් සිව් දෙනකු පත් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.
රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය අනුප පැස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා සහ සමාජ සේවා අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙසත්, රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙසත් පත් කර සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩකට නැති, වැඩ බැරි, වැඩ බලන ඇමතිලා.
කොහොමත් අපේ රටේ ඉන්නේ වැඩ බලාගෙන ඉන්න ඇමැතිලා තමයි. වැඩකරන අය තමයි නැත්තේ...!
කාන්තා කටයුතු පැස්කුවල් මහතාගෙන් ඉවත් කරලා ඊට අරවින්ද මොනරවිල වැඩ කරන මහතා පත්කරන්න කටයුතු කරමින් අලුත් ආදර්ශයක් දීමට ජනාධිපතිවරයාට ලැබුණු මහඟු අවස්ථාවක් එතුමා පැහැර ඇති සෙයකි...!
වරු කියන්න තරම් ගරු කටයුතුද?