IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක්

(අංජුල මහික වීරරත්න)

 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ  සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ   ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.


ඒ අනුව ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින හෙට  (21) සහ අනිද්දා  (22)  දිනවලට අදාල වන පරිදි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ද, මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා වැඩබලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ද, තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස ද, සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් මහතා වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරයා ලෙස ද පත් කර ඇත. 



අදහස් (5)

වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක්

lakshitha Sunday, 20 August 2023 07:19 PM

ජනාධිපති හිතුමතේ වැඩ කරනවා. අරහෙ යනවා මෙහෙ යනවා. ඔහු විසින්, රටේ ප්‍රශන වලට විසඳුම් කෙසේ වෙතත් ප්‍රශ්න නිවැරදිව හඳුනාගෙන තිබෙනවාද යන්න බලා ගැනීමට ක්‍රමයක් නැතිද?

:       6       19

NeelaMonday, 21 August 2023 08:34 AM

ඒ මදිවට කවුරු හරි උගතෙක් ChatGPT වලින් හදලා නිවැරැදි කරලා දෙන කතාවක් Ranil ගිරවා වගේ කියවනවා. පහුවදාට ඒ මෙලෝ දෙයක් මතක නෑ. පොහොට්ටුවෝ යටින් ආපසු රාජපක්ෂ බලය රැකගන්න හා 2030 දී නාමල් ගේන්න සැලසුම් හදනවා.

:       0       1

de silva Monday, 21 August 2023 08:16 AM

රජයේ වියදම් අඩුකරගෙන ජනතාවට හොඳ සේවයක් සපයන්න රාජ්‍ය සේවකයෝ ප්‍රතිව්‍යුහ ගත කළාද? පාඩුලබන ශ්‍රී ලන්කන් වැනි රජයේ ආයතන ගැන ක්‍රියාමාර්ගයක් අරගත්තද? මුකුත්ම නැහැ... නිකන් බොරුවට අපේ මුදල් නාස්ති කරමින් ලෝකෙවටේ ඇවිදිනවා. මෙහෙම ගියොත් තව වසර දෙකක් තුළ අර්බුදය නැවත එනවා. විශාල ජීවිත හා දේපළ විනාශයක් වෙනවා...

:       0       0

නිහාල් Monday, 21 August 2023 11:55 AM

ලංකාවට ගෙනැත් ආයෙත් සේවයේ පිහිටුවන්න...

:       0       0

Rohana Monday, 21 August 2023 02:52 PM

නිල ගමන් වුනත් මේවාට ගිය වියදම ජනතාවගේ දැනගැනීම සඳහා ඉදිරිපත් නොකරන්නේ ඇයි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 364 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 221 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site