(තුසිත කුමාර ද සිල්වා)


අලුත්ගම මොරගල්ලෙ  ඉදිකෙරෙන සංචාරක හෝටල් වැඩබිමක  බිම සිට ඉහළ මහලට  වැලි  අදින යන්ත්‍රයක් ගැටී   සිදුවූ අනතුරකින් උපකොන්ත්‍රාත්කරුවකුවු  තරුණයකු අද(28) මියගොස් ඇතැයි අලුත්ගම  පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ කොබෙයිදූව මිරිස්වත්ත බෙන්තොට ලිපිනයේ පදිංචිව සිටි ගලබොඩ ආරච්චිගේ එරන්ද සම්ප(24) නැමති අවිවාහකයෙකු බව පොලිසිය කියයි.

මරණකරුගේ සොහොයුරෙක් ද මෙම වැඩබිමේ  සේවය කර ඇත. තුවාලකරු කඩිනමින් රෝහල්ගත කරත්  ඒ වෙනුවට ඔහු මියගොස් මියගොස් සිටි බව හදිසි මරණ පරීක්ෂක වරයා සඳහන් කළහ.

වැඩබිමේදෛනික රාජකාරි  ආරම්භ කර සුළු වේලාවකදී මෙම අනතුර සිදුවී ඇති අතර  එම යන්ත්‍රයෙඅනාරක්ෂිතව භාවය හේතුවෙන්  සිදු වූ අනතුරකින් මෙම මරණය සිදුවී ඇතැයි   මියගිය පුද්ගලයා ඇද වැටුනු ස්ථානය නිරීක්ෂණය කල බේරුවල හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.