(ඩයනා උදයංගනී)
වැඩ කරන රටක වැඩ කෙරෙන ආකාරය සොයාබැලීමට ප්‍රමාණවත් තරම් අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු සිටිය යුතු බවත්, ප්‍රවාහන හා මහාමාර්ග වැනි අමාත්‍යාංශයක කටයුතු කිරීමට එක් ආයතනයකට එක් රාජ්‍ය ඇමතිවරයකු බැගින්වත් සිටිය යුතු බවත්, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ඉන්දියාවේත් දුම්රිය සේවය සම්බන්ධව පමණක් වෙනම ඇමතිවරයෙක් සිටින බව ද ඇමතිවරයා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
ලොව බොහෝ අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රජා සේවා ආදී අංශ ක්‍රියාත්මක වන්නේ පුද්ගලික අංශය යටතේ බැවින් ඒවා අධීක්‍ෂණයට ඇමතිවරු අනවශ්‍ය බව කී ඇමතිවරයා ඒ නිසා එමරටවලට විශාල ඇමතිවරු සංඛ්‍යාවක් අවශ්‍ය නැතැයි ද කීවේය.
තමන් දරණ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය ඉතා විශාල එකක් බව කී ඇමතිවරයා දුම්රිය ආදී ප්‍රවාහන සේවා, ග්‍රාමීය හා මහා මාර්ග, අධිවේගී මාර්ග, ආදිය නිවැරදිව අධීක්‍ෂණයට නම් එක් එක් ආයතනයට එක් රාජ්‍ය අමාත්‍යවරයකුවත් සිටිය යුතු බව ද පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මෝඩ ප්‍රකාශයක්. දැන් ඉන්න හරක් ගණන හොඳටම වැඩියි..!
නන්දසේන සහ නඩය වැඩ කරපු හැටි දන්නවා. ඒකේ ප්‍රතිඵල තමයි දැන් අතිවිඳින්නේ. මේ අයට නම් හෙණ වදින්න ඕනෑ...
ඇමැතිලා එන්න සහ හිතපු තරමට රට දියුණු වෙනවා නම් දැන් ලංකාව සුරපුරයක් වගේ තියෙන්න ඕනේ....!
ඉන්දියාව කියන්නේ ලංකාව වගේ 60ගුණයක් වගේ විශාල රටක්... එහෙ ඇමැතිවරු වැඩකරලා රට දියුණු කරනවා. අපේ ඇමැතිවරු හොරාකාලා රට බංකොළොත් කරනවා.
එහෙනම් ඇමරිකාව ඇතුළු බටහිර රටවල් අභිබවා ශ්‍රී ලංකාව දිනෙන්දින දියුණුවීමේ රහස ඒ රටවලට සාපේක්ෂව විශාල ඇමැති මණ්ඩල අපේ රටේ පත්කර ගැනීම නිසා වෙන්න ඇති... බන්දුල ඇමැතිතුමාව හොඳයි පොහොට්ටු කාර්යාලයේ අකුණු සන්නායකයට සවිකරන්න...
ඇමැතිවරු මෙලෝ වැඩක් කරන්නෑ. ජනතාවම හූරගෙන කනවා...
අනේ අපි දන්නවා ඔයාලා වැඩකරන විදිහ.. ඔය විදිහට වැඩකරන්න 1000ක් හිටියත් මදි.
මෙයාට කොහොමත් පොඩි වයර් මාරුවක් තියෙනවා. 2500 මාසෙ කන්න පුළුවන් කියපු කෙනානේ... ගණන් ගන්න එපා.
හොඳට වැඩ කරලාද රට බංකොළොත් වුණේ...? රුසියාවේ ඇමැතිවරු හොඳට වැඩකරලා නැතිද?
ලංකාවේ කලකට පෙර සීනි ඇමැතියෙක් පත්කලේ..! කෝ සීනි තාමත් රටින්ම ගේනවා දැන් දරාගන්න බැරි මිලකුත් තියෙනවා. ඔහොම ගියොත් 226 මදිවේවි. පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයෝත් ඇමතියන් කරන්න වේවි කිතුල්ගහට ගිය කෙනාටත් උත්තර තිබුණලු...
තමුන්නාන්සේ කියන්නේ, ලංකාව වැඩකරන රටක් කියලද? අනික තමුන්නාන්සේ හිතාගෙන ඉන්නේ ලංකාවේ දුම්රිය සේවය ඉන්දියාව වගේ කියලද? අමු කැවිලද?
වැඩකරන රටක් කියන්නේ මොකද්ද? එතකොට අනිත් රටවල දේශපාලකයින් මොකද කරන්නේ...?
ඉන්දියාවේ දුවන කෝච්චියි, ලංකාවේ කෝච්චියි ගැනවත් හරියට දන්න කෙනෙක් ප්‍රවාහන ඇමැති කරන්න. ලංකාවේ වගේ අටසිය ගුණයක් ඉන්දියාවේ කෝච්චි දුවනවා. කාලකන්නි දුම්රිය යූනියන් එහේ නෑ. 2,500 න් කන්න කියන අම්බරුවනුත් නෑ
මේක වැඩක් කෙරෙන රටක් නොවෙයි, තියෙන සම්පත් ටිකත් කන රටක්... නුඹලාට ලබන සැරේ දෙන්නම් නරිවාදම පෙර පෙර දුවන්න. කාලකන්නි... ඔක්සිජන් මොකටද අහපු කෙනාත් රාජ්‍ය ඇමතියෙක් වුණු රටක්.
පසුගිය දවස්වල රට පාලනය කරපු රජයවල්වල හිටපු ඇමැති ප්‍රමාණය මදි නිසාද? රට අද මේ තත්වෙට පත්වෙලා තියෙන්නේ...!
එහෙම කරන්න එපා ඇමැතිතුමා... අපි එක ට්‍රේන් එකකට එක ඇමැති ගානේ දාමු... බස් එකකටත් එක ඇමැති ගානෙ දාමු...
අපි හිතාගෙන හිටියේ බන්දුල කියන්නේ උගත්, අවංක පුද්ගලයෙක් කියලා. දැන් බැලුවාම මෙයා පක්ෂයේ ලොක්කන්ගේ කිළුටු හෝදන එකනේ කරන්නේ. ඉන්දියාවේ දුම්රිය සේවයට වෙනම ඇමැති කෙනෙක් ඉන්නේ. ඒ රටේ දුම්රිය 11000ක් වගේ විශාල සංඛ්‍යාවක් තියෙන විශාල රටක් නිසා. එක් එක් අමාත්‍යාංශයට...
ඒ කියන්නේ ලංකාවට අඩු ගානේ ඇමැතිලා 134ක් වත් ඉන්න ඕනෑ කිවයන එකනේ...
එතකොට අනිත් රටවල්වල වැඩ කෙරෙන විදිහ හොයලා බලන්නේ කොහොමද ඇමැතිවරු 10, 15 දාගෙන. අපි වැඩ කරලා, වැඩ කරලා රට පස්සට ගිහිල්ලා.