
(අංජුල මහික වීරරත්න)
ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායන් වසා දැමීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මහජන සේවා සැපයීම සහ උපාය මාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඒවා පිහිටුවීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳ පොළ අවශ්‍යතා සමඟ නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්ය සාධනය ආදී හේතු නිසා අක්‍රීය තත්ත්වයට පත් ව තිබේ.
ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වා ගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපති විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33 ක් අදියර 2ක් යටතේ විධිමත් ලෙස ඈවර කර වසා දැමීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල් වගාකිරීමේ මණ්ඩලය පොල් සංවර්ධන අධිකාරිය පොල් පර්යේෂණ ආයතනය.... සුදු අලි තුන්දෙනා එකක් කරල පින්පඩිකාරයෝ රොත්තක් වැඩ තියෙන ආයතන වලට යවන්න බැරිද. කැපවී වැඩ කරන සුලු කණ්‌ඩයමන් මේ ආයතන වල ඉන්න එක ඇත්ත.
රටටත් ජනතාවටත් වැඩකට නැති රාජ්‍ය ආයාතන පවත්වාගෙන යමින් හා ඒවාට තම දේශපාලන හෙන්චයියන් පුරවමින් හා කොන්ත්‍රාත් ලබාදෙමින් මහජන මුදල් කාබාසිනියා කෙරුව කාලය නිමා කරමින් රටට ප්‍රතිලාභ අත්කර දිය නොහැකි ආයාතන වසා දැමීම ඉතා හොද දෙයක් !
පසුගිය දවසක පුවතkක් පල උනා කෝටි 200 මහජන සහනාධාර ලබා දෙන්න කෝටි 2000ක වැටුප් ගෙවලා කියලා
මෙව්වා වහන්න ඔින බොරුවට පඩි ගෙව ගෙවා තියාගෙන ඉදලා වැඩක් නැහැනේ... ඒත් ඒකත් වැරැදියි කියන නූගත් මෝඩ මිනිස්සු ඉන්නවා රටේ... මොකද එහෙම එවුන්ට මෙව්වා සම්බන්ධ නිසා පිං පඩි ගන්න සේරම එලවලා දාන්න ඔිනෑ කරන දෙයක් නැහැනේ...
කජු සංස්ථාව?