
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
සංවිධානාත්මක අපරාධකරුවන්ට පුද්ගල ඝාතන සඳහා සොරාගත් යතුරු පැදි සපයන පුද්ගලයකු මෝදර බෝලවිස්ටා වත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
විවිධ අපරාධවලට යෙදවූ බව කියන යතුරු පැදි 3 ක් සහ එහි ලිපි ලේඛන සැකකරු සන්තකයේ තිබී පොලිස් බාරයට ගෙන ඇත.
අවිස්සාවේල්ල ගලපිටමඩ ප්‍රදේශයේදී පුද්ගලයකු ඉකුත් ජූලි මස 14 වෙනි දින ටී 56 ගීනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට වෙඩික්කරුවන් සඳහා යතුරු පැදිය ලබාදී තිබුණේ මෙම සැකකරු බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.
එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන සැකකරුවන් දෙදෙනාගෙන් ඒ පිලිබද තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව සැකකරු පදිංචි නිවස පරික්ෂා කිරීමේදී නිවස තුල තිබී මෙම යතුරුපැදි සොයාගත් බව පොලිසිය කියයි.
සොයාගත් එම යතුරු පැදි සීදුව මැලිසිරිපුර හා යාපනය ප්‍රදේශවලින් සොරා ගත් ඒවා බවත් ඒවාට ව්‍යාජ ලිපි ලේඛන සකසා අපරාධ සඳහා යොදවා ඇති බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd