(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පිටකොටුව බැස්ටියන් මාවතේ දී පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා එක් අයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පැමිණි යතුරුපැදිය ඇතුළු තවත් යතුරුපැදියක් හා ත්‍රිරෝද රථයක් ගෝනපොල ප්‍රදේශයේ නිවසක සඟවා තිබී සොයාගත් බව පිලියන්දල පොලීසිය කියයි.

එම දේපල සමඟ සැකකරුවන් තිදෙනකු අයිස් ග්‍රෑම් හයක් සහ ගංජා ග්‍රෑම් දෙකක් සමග පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය රැගෙන පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් පැමිණෙන බවට පිලියන්දල පොලිසියට අනුක්ත බස්නාහිර පළාත් බුද්ධි අංශ ආවේක්ෂණ රාජකාරි සිදු කරන උප පොලිස් පරීක්ෂක කේ. එන්. ද. සිල්වා මහතා ට ලද තොරතුරකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් පරික්ෂා කිරීමේදී කලිසම් සාක්කුවේ සඟවාගෙන තිබූ මත්ද්‍රව්‍ය හමුවීමෙන් අනතුරුව සිදු කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී පැදිකරු ගේ ගෝනපොල මිතුරෙකුගේ නිවසේ සඟවා තිබූ ඝාතනයට යොදා ගත් යතුරු පැදිය සහ සොරකම් කරන ලද තවත් තී රෝද රථයක් සහ යතුරු පැදියද ඒවා සන්තකයේ තබාගෙන සිටි එම පුද්ගලයාද අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි .

මේ පිළිබඳ මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ( පැදිකරු ) සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී අතුරුගිරිය ප්‍රදේශයේ පුද්ගලයකු යතුරුපැදිය ලබාදුන් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

තීරෝද රථය බෝකුන්දර මකුළුදූව ප්‍රදේශයෙන් සොරා ගත් එකක් බවට සැකකරුවන්ගෙන් අනාවරණය වූ අතර යතුරු පැදිය සම්බන්ධයෙන් නිසි තොරතුරක් අනාවරණය කිරීමට අපොහොසත් වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය නිළධාරියෙකු පැවසීය.