(ඉන්දිකා රාමනායක)
ගලපිටමඩ දුනුමාල හංදිය ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 14දින පුද්ගලයකුට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුට නිවසේ නවාතැන් ලබා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බන්ධනාගාර සැරයන්වරයෙකු කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු එහි සැකකරු වන "චතුවා" නමැත්තා ට බන්ධනාගාර සැරයන්වරයා රාජගිරියේ පිහිටි ඔහුගේ තෙමහල් නිවසේ දෙවන මහලේ නවාතැන් ලබා දී ඇති බව පොලීසිය සඳහන් කරයි.
මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් චතුවා නමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගෙන රඳවා ගෙන ප්‍රශ්න කිරීමේදී බව හෙළිකර ඇත.
ඒ අනුව අපරාධ කරුවන්ට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් සැකකාර සැරයන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම නිවසේ අපරාධකරුවන් රැසක් මෙහි නවාතැන් ගෙන සිටි බවට සැකකරු පොලීසියට ප්‍රකාශ කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සාමය අරක්ශා කරන්න කැප වෙලා වැඩ කරන අනෙකුත් ප්‍රතිපත්ති ගරුක අවන්ක නිලදාරින්ටත් මොහු කරල තියෙන්නෙ ලොකුම ලොකු අපහාසයක්. මොහු වැනි නින්දි පුද්ගලයින්ට දඩුවම් පමණක් නොවෙයි ඔවුන්ගෙ ප්‍රජා අයිතියත් අහොසි කල යුතුයි.
මේ මොකවත් නෙවෙයි බන්ධනාගාර නිලධාරීන්, සිරකරුවන් යොදාගෙන ගෝත්‍රික අපරාධ කරන්න
ග්‍රාම නිළධාරින්ට වන නිළධාරි බලතල දෙන්න හදනවා වගේ බන්ධනාගාර නිළධාරින්ට සැකකරුවන් තමන්ගෙ නිවාසවල නවතාගන්න අවසර දෙන්න බැරිද
නෑදෑ කමට නවාතැන් දුන්නාවත්ද ?