(ඩයනා උදයංගනී)
සංවිධානාත්මක දේශීය, විදේශීය බලවේග විසින් රජයට සහ තමාට එරෙහිව ගෙන යන අසත්‍ය ප්‍රචාර පරාජය කොට තමා ජනාධිපති ධූරයට ගෙන ආ මතවාදය ආරක්ෂා කරගත යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
වැදගත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ නොව තමා බලයට ගෙන ආ මතවාදය හා බලවේගය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
සතුරු බලවේග ගෙන යන අසත්‍ය ප්‍රචාරයේ අරමුණ එම මතවාදය පරාජය කිරීම බව කී ගෝඨාභය රාජපක්ෂ මහතා තමා කරමින් සිටින්නේ ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම යැයිද කීවේය.
තමා බලයට එන විට බිඳවැටී තිබූ ආර්ථිකය කොවිඩ් වසංගත අර්බුදය මධ්‍යයේ වුවද, දේශීය හරිත ආර්ථිකයක් ලෙස ගොඩනගමින් තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සිය ධූර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි ද ජනාධිපතිවරයා කීවේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ උතුරු පළාතේ, වවුනියාව දිස්ත්‍රික්කයේ, වවුනියාව උතුර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩිවෛත්‍යකල්ලු ග්‍රාම සේවා වසමේ, බෝගස්වැව මහා විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” 17 වැනි වැඩසටහනට එක්වෙමිනි.
පරිභෝජනය සඳහා ආනයනය කෙරෙන සියලුම ද්‍රව්‍යවල ප්‍රමිතිය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන බව කී ජනාධිපතිවරයා ආනයනික පොල්තෙල් තොගයක් පරිභෝජනයට නුසුදුසු බව හඳුනාගැනීමට හැකි වූයේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස බවද පැවසීය.
තමා බලයට පැමිණ ගත වූ කෙටි කාලය තුළ පරිසරයට බලවත් හානියක් කරමින් තිබූ කටුපොල් වගාව සම්පූර්ණයෙන් තහනම් කළ බව ජනාධිපතිවරයා කීය.
පොල්තෙල් පරිභෝජනයේ ගුණාත්මක ප්‍රතිඵල හඳුනාගෙන ෆාම් ඔයිල් ගෙන්වීම නතර කළ බවත්, රට තුළට මත්ද්‍රව්‍ය ගෙන ඒමට ඇති ඉඩ ප්‍රස්තාද අහුරා ඇති බවත් හෙතෙම පැවසීය.
තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් එම අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරමින් සිටින බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබව බලයට ඒමට දුන් පොරොන්දු වලින් මේ දක්වා ඉටු කරේ මොනවද යන්න ඔබ ඔබගෙන්ම අසන්න...
සෞභාග්‍යයේ දැක්ම පොත පෙරලලා කරපු නොකරපු වැඩ ටිකක් බලනන වෙයි
සතුරු බලවේග දැන් වැහි වහල. සතුරෙක්ද පස මිතුරෙක්ද අපිනන් දන්නේ නෑ කවුරු හරි ප්‍රසිද්ධ කරලා තියෙනවා
ඔය සතුරු බලවේග වලට ඉතා වෙහෙස බව පෙනේ. වෙහෙස නැති බව පෙන්වීමට බොහෝ දේ සමාජ ගත කිරීමට තව තවත් උත්සාහ ගන්නා බවක් ද පෙනේ. කාලය විසින් බොහෝ දේ උත්තර සපයා දී ඇත ..
පවුල් පාලනේ අය වටේට ඉන්න කොට කවර කතාද .වියත් මග, සෞභාග්‍ය දැක්ම ඔය ඔක්කොම බලය ගන්නකම් විතරයි .දුශිත බලලෝබි බඩගොස්තරවාදි දේසපාලුවෝ කෙරුවේ කවදත් ජනතාව රවට්ටපු එක විතරයි
අපි තේරුම් ගත යුතු එක දෙයක් තිබෙනවා . මිනිසුන් වශයෙන් ආකල්පමය වෙනසකට අප භාජනය විය යුතුව තිබෙනවා.. කුඩු අල්ලද්දී ආණ්ඩුව කුඩු ගේනව වගේ කෑ ගහනවා..මේ පොල්තෙල් ගෙනත් තියෙන්නේ 2016 ඉඳන් ..එතකොට ඒක අල්ලද්දී ඒකත් ආණ්ඩුවේ වැඩක් වගේ විවේචනය කරනවා..එතකොට මොකක්ද කරන්න ඕනේ. ක්‍රිකට් මැච් එකක් බැලුවත් ගහන එවුන්ට වඩා බලන අයට ඕන විදිහට ටීම් එක ප්ලේයර්ස්ලා දාන්න ඕනේ..අද සෙල්ලම් කරන කෙනා හෙට බැරි වුනොත් එලියට දාන්න ඕනේ..මොනවා කලත් හැමදේම විවේචනය කරනවා..ඉතින් කොහොමද මේ රට හදන්නේ ??
දැන් ලංකාව ඉස්සර බංග්ලාදේශයේ වගේ... හැමදාම උද්ඝෝෂණ, ඕනේ එකටයි, එපා එකටයි ස්පෙෂලිස්ට්ලා වැඩි වෙලා. ආණ්ඩුව හොඳක් කරන්න යද්දී විපක්ෂය අංචි අදිනවා. විපක්ෂය හොඳ වැඩක් කියද්දී ආණ්ඩුව අයියා වගේ හැසිරෙනවා. ලෝකේ කිසිම රටක් මේ විදියට කුලල් කාගෙන, හොරා කාගෙන දියුණු වෙලා නැහැ. වලපල්ලට යනවද? එකතුවෙලා ඉදිරියට යනවද කියලා ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් වල ඉන්න කසිප්පු, කුඩු විකුණලා ගොඩයන්න හදන අැමැතිලාත් තේරුම් ගතයුතුයි. ඊට අමතරව NGO අරමුදල්, කැට සල්ලි හරහා ඇතිවෙලා තියෙන ඉතිරි පක්ෂ ටික රටේ තරුණ පරපුර නොමග යැවීම ගැනත් කිසියම්ම දෙයක් කළයුතුයි.
ඒ මතවාදය නිසාද රට පුරා කසිප්පු බෙදන්න පටන් ගන්න හදන්නේ...? කසිප්පු කාරයින්ටම රට යයි වගෙයි.. නැට්ටෙ ඉඳන් ගොම..!!!
ඔබ බලයට ගෙනා මතවාදය සීඝ්‍රයෙන් ඔබගෙන් ගිලිහෙමින් පවතිනු ඇත... හැමෝම දෙරණ ප්‍රවෘත්ති බලන්නේ නෑනේ... ඔබව උඩින් තිබ්බත් ඔබ සහ ඔබේ සහචරයන්ගේ ක්‍රියාකලාපය මිනිසුන් අතර දෝෂදර්ශනයට ලක්වෙමින් පවතිනවා.. අන්තිමට වෙලා තියෙන්නේ ඔබේ පැත්තේ ඇමතිවරු සහ පිරිස නඩුවලින් නිදොස් කොට නිදහස් වූ බව පමණි..
ඒකද අලි සබ්‍රි අධිකරණ ඇමති කරලා, පීබී ජයසුන්දර නිල නොවන ජනාධිපති කරලා, මිලින්ද මොරගොඩව ඉන්දියාවට දැම්මේ? කෝ රණවිරු පනත...? මතවාදයේ සහ බලවේගයේ අදහස නම් පළාත්සභා එපා කියන එක. ඒකත් තිබ්බාම මතවාදය සහ බලවේගය අමතක කිරීම සම්පූර්ණයි.
බොරුනේ කියන්නේ. මහජන විරෝධතා නිසා තමයි පරීක්ෂණ කලේ.. නැතිව මෙයා කියන පරිදි සියලුම දේවල් පරීක්ෂණයට ලක්වෙනවා නම් කොහොමද රේගුවෙන් මේ වස පොල්තෙල් පිට වෙන්නේ? මේ සේරම අහුවුනේ රේගුවෙන් පිට. අනිත් පැත්තෙන් නාමල් කියනවා එහෙම වස පොල්තෙල් ආවේ නැතිලු. මේකෙන් පැහැදිලියි මේ ආණ්ඩුව කියන්නේ බොරු බව ඔප්පු වෙනවා. 69 ලක්ෂයේ බලාපොරොත්තු නොවේ දැන් සිදු වෙන්නේ. දැන් සරුත්, රජයත් ෆේල්...
ඔය කියන වචන දෙකේ තේරුම දන්නවද?
පොල්තෙල්වල ගුණාත්මක තත්වය හඳුනාගත් නිසාද පිළිකාකාරක තෙල් ගෙන්නන්නේ..?
"සිය ධුර කාලය ඇතුළත ජනතා ප්‍රශ්න විසඳීමට නොහැකි වුවහොත් තමාට දෝෂාරෝපණය කරන්නැයි ද ජනාධිපතිවරයා කීවේය" එතකොට මේ ගෙවලා තියන්න අවුරුදු 02ට මොකුත් කරන්න බැරිවුණාද?
අපිටනම් ඔය කිසිදෙයක් වැදගත් නැහැ. අපිට වැදගත් වෙන්නේ මේ පවුල් බලය නිමාවකට පත්කිරීමයි.
දැන් ඡන්දෙ දීපු මිනිස්සු ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ නිරෝධායන හෝටල් මාෆියාවෙන්... ගල්, පස්, වැලි, ඉඩම් ජාවාරම් මාෆියාවෙන්.. පොල්තෙල්, සීනි මාෆියාවලින් අපිව බේරගන්න කියලා..
රටේ ආරක්ෂාවට වගකියන, සෞභාග්‍යයේ දැක්ම, වියත්මග මේවා රටේ ගොඩනැගුවේ කවුද? කොහොමද කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. පවුල් පාලනේ අයට වඩා වැදගත් වෙන්නේ බල තන්හාව මිසක් වෙන මොනවාද?.
ගජමිතුරු බලවේග දිනෙන් දින රටේ සම්පත් සූරාකනු ලැබේ.. ඔබතුමා ෆේල්ද? පාස්ද? යන්න ජනතාව විසින් ලබන පළාත් සභා ඡන්දෙදී තීරණය කරාවි..