
(මනෝ ප්‍රිය ගුණසේකර)
මිගමුව බන්ධනාගාර යේ ඇති වු සිද්ධියෙන් 17ක් දෙනකු වෙඩි වැදීම් හේතුවෙන්ද එකොළොස් දෙනකු මොට ආයුධ වලින් කළ පහරදීම් හේතුවෙන්ද මියගොස් ඇතැයි මිගමුව මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය දැනුම් දුන්නාය.
මිගමුව බන්ධනාගාරයේ ඇති වු සිද්ධියෙන් මිය ගිය 28 දෙනකුගේ මරන සම්බන්ධයෙන් මීගමුව අධිකරණ වෛද්‍ය නිලාධාරි විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබු මරණ පරීක්ෂණ වාර්තා කෙරෙහි අවධානය යොමු කරමින් මහේස්ත්රාත්වරියේ ඒ බව ප්‍රකාශ කළාය.
නිලධාරීන් සහ රැඳවියන් වෙන් වෙන් වශයෙන් සැලකිල්ලට නොගෙන සියලු දෙනාගේම මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කරන බව දැනුම්දුන් මහේස්ත්‍රාත්වරිය අධිකරණය කාටත් එක සමානව යුක්තිය ඉටු කරන බව ද දැනුම් දුන්නාය.
මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්කාරී තත්ත්වයෙන් බන්ධනාගාර හදිසි උපක්රමික බලකායේ (බන්ධ පොලිස්) නිලධාරීන් 10ක් සහ රැඳවියන් 21 දෙනකු මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පවත්වන මහේස්ත්‍රාත් පරීක්ෂණය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය ඒ බව දැනුම් දුන්නාය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අධිකරණය ඇමතු මහේස්ත්‍රාත්වරිය මෙවැනි සිද්ධියකදී සිදුවන මරණ සම්බන්ධයෙන් මරණ පරීක්ෂණ පැවැත්වීමේ බලය ඇත්තේ අධිකරණයට බවත්, අධිකරණය ස්වාධීන බවත්, පොලිසිය යනු අධිකරණය නොවන බවත් සඳහන් කළාය.
මෙම සිද්ධියේදී අපරාධයක් සිදුව ඇති බව අධිකරණය නිරික්ෂණය කර ඇති බැවින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තා කරන ලෙසද අපරාධ පරික්ෂන දෙපාර්තමේන්තුවට නියෝග කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වානිජ අපරාධ අංශයේ උප පොලිස් පරික්ෂක මධුරංග මහතා සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ වන විට පුද්ගලයන් 969 දෙනකුගෙන් කටඋත්තර ලබා ගෙන ඇති බවත් සැකකරුවන් 40කගේ අන්වර්ථ නාමයන් සොයාගෙන ඇති බවත් දැනුම් දුන්නේය.
මීගමුව බන්ධනාගාරයයේ 3,4,5 යන වාට්ටු වලින් සෙයා ගත් දුරකථන ඇතුලු වෙනත් විද්‍යුත් උපකරණ නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය එම භාණ්ඩ සුරක්ෂිතව තැබීමට නියම කරන්නැයි ඉල්ලීමක්ද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd