(ගයාන් සූරියආරච්චි)

තෙලිජ්ජිවිල ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් දුරකතන අමතර කොටස් අලෙවි සැලක සිටි පුද්ගයකුට පෙරේදා (20) රාත්‍රී 8.00 ට පමණ සිදුකළ වෙඩි තැබීමෙන් මියගිය පුද්ගලයාට වෙඩි තබා ඇත්තේ අත්වැරදීමකින් බවට සැකකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

මියගිය පුද්ගලයා වැලිපිටිය ප්‍ර දේශයේ පදිංචි 21 ක පුද්ගලයකු බවත් ඔහු කිසිදු අපරාධයකට සම්බන්ධ පුද්ගලයකු නොවන බවත් නිහාල් තල්දූව මහතා පැවැසීය.

මෙම වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලියක මෙහෙයවීමෙන් සිදුකළ වෙඩි තැබීමික් ද, කොන්ත්‍රාත්තුවක් මත කළ වෙඩි තැබීමක්ද නැතිනම් පෞද්ගලික ආරවුලක් මත සිදුවූ වෙඩි තැබීමක්ද යන්න පිළිබදව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.