(අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර)
‘බොරු චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වළක්වා ඔහු බන්ධනාගාර ගත කිරීමට කවුරුන් හෝ උත්සාහ කළහොත් ඒ වෙනුවෙන් ලක්ෂ ගණනක් ජනතාව බන්ධනාගාරගත වීමට සූදානම් යැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී.රංජිත් සොයිසා මහතා අද (18) පැවසීය.
ඒ වෙනුවෙන් තවත් බන්ධනාගාර දහස් ගණනක් සෑදීමට සිදුවනු ඇතැයිද පැවැසූ මන්ත්‍රීවරයා ඒ සඳහා ආණ්ඩුවේ කුමන්ත්රණකරුවන්ට අභියෝගය කරන බවද සඳහන් කළේය.
ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය. එහිදී වැඩිදුරටත් මන්ත්‍රීවරයා මෙසේ ද පැවසීය.
‘‘වත්මන් එජාප ආණ්ඩුව අවුරුදු හතර හමාරක් තිස්සේ රාජපක්ෂවරු සමූල ඝාතන උත්සාහයක ඉන්නේ. මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ, ශෂීන්ද්‍ර රාජපක්ෂ කියන රාජපක්ෂවරු සමුල ඝාතනය කිරීමට නිත්දිත උත්සහයක නිරත වුණා.’’
‘‘ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිමත් සමඟ හිතුවටත් වඩා ජනතාව ඔහු වටා එක් වෙමින් සිටිනවා. මේක ආණ්ඩුවට දිරවන්නේ නෑ. ආණ්ඩුවේ ඉහළ දේශපාලනඥයින් තුන් දෙනෙක් රජයේම ආයතනයදී සාකච්ඡා කරලා තියනවා. ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව බොරු සාක්කි හරි දාලා චෝදනා ගොනු කරලා නඩු දාන්න කියලා. එහෙම කරලා ඔහු බන්ධනාගාර ගත කිරීමේ කුමන්ත්‍රණයක් ගැන ඉරිදා මාධ්‍ය මගින් හෙළි කරලා තිබුණා.’’
‘‘ප්‍රදීප් එක්නැළිගොඩ, ලසන්ත වික්‍රමතුංග, වසීම් තාජුඩීන් යන අයගේ ඝාතනයන් ගැන හෝ වෙනත් ඕනෑම කෙනෙකුගේ ඝාතනයකට ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ කරලා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් තිබුණත් නැතත්, ඒ සඳහා සාක්කි හදලා හරි මොහු අත්අඩංගුවට ගන්න කටයුතු කරන්න කියලා ඒ දේශපාලනඥයින් තුන් දෙනා ඉල්ලීමක් කරලා තියනවා.’’
‘‘නීතිය අවනීතිය කරලා, කැලෑ නීතිය රජකරවන්න හැදුවොත් ජනතාව වීදි සටන්වලට අවතීර්ණවීම වළක්වාලිය නොහැකි දෙයක්. ගෝඨාභය කියන්නේ මේ රටේ සාමාන්‍ය දුක්විඳින ජනතාවගේ, රටට ආදරය කරන දේශපේ‍්‍රමී ජනතාවගේ හදවතේ ලැගුම් ගත්, ආශිර්වාදය හිමිකරගත්, ජනනායකයා මිස බන්ධනාගාරගත කළ යුතු චුදිතයෙක්, වැරදිකාරයෙක් නොවන බව දේශපාලනය නොදත් ආණ්ඩුවේ අත දරුවන්ට පැහැදිලි කර දිය යුතුයි’’ යැයි ද රංජිත් සොයිසා මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟුණකොළපැලැස්සේ සුපිරියට එකක් හැදුවේ.....
ඔබ හරියට හරි... අපි බන්ධනාගාර ගතවනවිට අනික් අය කොහේ ගිහින් ඇත්ද?
බමුණා වගේ වහලෙක් කියලා හිතුවද ඔයාගේ කීමට බන්ධනාගාර ගත වෙන්න. ඔයාලගේ නායකයන් රකිනවට වඩා අපිට දරුපවුල් ඉන්නවා රැකගන්න. කන්න බොන්න දෙන්න.
ඔන්න ජනාධිපතිතුමනි හොද අවස්ථාවක්. පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා ටික ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මා නම් හරි. යන්න කැමැත්තෙන්ම ඉන්න නිසා අවුලක් වෙන්නෙත් නෑනේ.
කොහොමත් අපි හිතාගෙන ඉන්නේ ලබන පාර අඩුම පහසුකම් වලින් යුත් බන්ධනාගාරයක් දියවන්නා 225 ට හදලා දෙන්නයි.
ඔය කිල්ලෝටෙත් හුණු තියෙනවා නේද? වන විනාශ සම්බන්ධයෙන් නම ගැවිලා තියෙනවා. සද්දේ දමනවා නම් අත් සුද්දෙට තියෙන්න ඕනේ. බලය නැතිව මෙහෙම නම් බලය ලැබුනොත් කොහොමද?
අහිංසක මිනිස්සු බන්ධනාගාරගත වෙනකොට ලොකු ලොක්කෝ රජ සැප ගන්න....මිනිස්සුනේ ඔන්න ඕක තේරුම් ගන්න.
අනේ අපිට නම් එක එක අයගේ ප්‍රතිරුප ගොඩ නංවන්න හිරගත වීමේ උවමනාවක් නැහැ . බලන්නකෝ හිතන තාලෙට ලක්ෂ ගානක් එයිද කියලා . මේ වගේ අදහස් තියෙන මිනිස්සුද පාර්ලිමේන්තු යවන්නද ඔයාලා දුක් විදින්නේ ? රටේ ජනතාවට රටේ දියුණුවට දෙයක් කරන්න නෙමේ .දේශපාලුවෝ වෙනුවෙන් හිරේට යවන්න මිනිසුන්ව . ඡන්දය දෙන ඔබ කරුණාකර මේ කතා වලින් රජ කරවන්න හදන්නේ කාවද කියා අවබෝධ කරගන්න .
ඔව් ඔව් හරි නම් භාගයක්ම ඉන්න ඕනේ හිර ගෙවල් වල තමයි . කුඩුකාරයෝ , එතනෝල් කාරයෝ , , ස්ත්‍රී දූෂකයෝ , මිග් යාන හොරු , සුනාමි හොරු , අධිවේගේ හොරු , 10% කොමිෂන් කාරයෝ , සිරිලිය හොරු .. කොහොම කොහොම හරි ලොකු තැන්වල අය දාන ඩීල් නිසා බයවෙන්න එපා එතුමා මේ අවුරුදු හතරේ හිරේ නොගිය එක ඊලග අවුරුදු වලත් හිරේ යන්නේ නැහැ . ඔය උඩින් කියපු සෙට් එක එලියට වෙලා ඉන්න වැරදි කරපු මහජනතාව ඇතුලේ ඉන්නම් .
නිකන් සංදර්ශන දාන්නේ නැතිව වැඩක් බලාගෙන ඉන්න