IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


වැඩි මිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු

(මනෝප්‍රිය ගුණසේකර)

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් වු නඩුවට අධිකරණයේ පෙනී සිටීම සඳහා සිතාසි නිකුත් කර තිබියදීත් උසාවියේ පෙනී නොසිටි නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ මාලිගාකන්ද මහේස්ත්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය ඒ සඳහා වරෙන්තු නිකුත් කළාය.

කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක අධක්‍ෂවරුන් වු පමණීන් ඔවුන් නීතීයට උඩින් නොමැති බවත් නීතීය ඉදිරියේ සියලු දෙනා එකහා සමාන බවත් කියමින් පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය සහ සිද්ධියෙන් අතෘප්තියට පත් සනත් කුමාර අතුකෝරල මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රංජිත් හීල්ලගේ මහතා කළ ඉල්ලීම් පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය එලෙස වරෙන්තු නිකුත් කළාය.

නිසි පරිදි සිතාසි බාරදී නොමැති බවට වාර්තා කර ඇති අදාළ පෞද්ගලික රෝහලේ අධක්‍ෂවරයකු වන විශාල් බාලි මහතාට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් යළිත් වරක් නොතිසි නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය නාරාහෙන්පිට ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලේ නියෝජිතවරයාට සහ එහි සේවිකාවක වන බී.ඩී. සඳතිසරු මහත්මීයට නොවැම්බර් 12 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස අවවාද කළාය.

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය යළිත් වරක් සිතාසි නිකුත් කිරීම ප්‍රතිශෝධනය කරන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සමේ අතුරු සහන වශයෙන් ඉල්ලා තිබු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කරන නඩුව අත්හිටුවන්නැයි කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් ප්‍රතික්‍ෂෙප කිරීමෙන් අනතුරුව නඩුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් උසාව්යේ කැඳවු අවස්ථාවේදී එලෙස නියම කෙරිණී.

 



අදහස් (1)

වැඩි මිලට බෙහෙත් වික්ක රෝහල් අධ්‍යක්ෂවරුන්ට වරෙන්තු

Perakum Liyanagama Friday, 26 September 2025 07:11 AM

නම නොකීවාට රෝහල කුමක්ද කියල කවුරුත් දන්නව. රෝගියාගේ ආර්ත්ථික තත්වයට අනුකූලව ඉතාමත් අසාධාරණ අන්දමින් රෝගීන් ගසාකෑම මෙහි සිදුවේ. මීට පස්සෙ එහෙම නොවේ යයි සිතමු.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site