IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


වැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලා

(මහින්ද නිශ්ශංක)

ලංකා සතොස භාණ්ඩ ආනයන කරුවන්ගෙන් පරිප්පු සහ සැමන් වැඩි මිලට ගෙන පාරිභෝගිකයන් හට පරිප්පු කිලෝවක් රුපියල් 89 ක් සහ සැමන් ටින් එකක් රුපියල් 110ක් මිල අඩුවෙන් අලෙවි කිරීම හේතුවෙන් රුපියල් කෝටි 600ක පමණ අලාභයක් භාණ්ඩාගාරයට සිදුවී ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් අනාවරණය වේ .

ඒ අනුව පරිප්පු කිලෝව රුපියල් 154 කට ආනයන කරුවන්ගෙන් මිලදී ගෙන පරිප්පු කිලෝවක් රුපියල් 65කටත්, රුපියල් 210 බැගින් මිලදී ගත් සැමන් ටින් එකක් රුපියල් 100 කටත් සතොස මගින් මහජනතාවට අලෙවි කෙරිණ.

හිටපු ජනාධිපති ඉකුත් කොරෝනා සමයේදී මහජනතාවට දෙන ලැබූ පොරොන්දුවක් මත මෙසේ අඩු මිලට පරිප්පු සහ සැමන් ලංකා සතොස හරහා අලෙවි කෙරිණ.

 



අදහස් (6)

වැඩි මිලට අරන් අඩුමිලට විකුණා සතොසට කෝටි 600 පාඩු වෙලා

Hafeel Sunday, 25 September 2022 03:07 PM

69 ලක්ෂ ජනවරම, තුනෙන් දෙකක බලය තිබූ පාර්ලිමේන්තුව සහ විසිවැනි ව්‍යවස්ථාවත් සම්මත කරගත්තු හිටපු ජනාධිපති ගෝඨාභය ක්‍රියාත්මක කළ සහ ගත්තු තීන්දු තීරණ සේරම ඉතා මෝඩ තීන්දු බව දැන් ඉතා පැහිදිලියි. ඉතින් තවම සමහර මිනිස්සු කියන්නේ යුද්ධය මෙහෙයවූයේ ඔහුලු. රටේ ඡන්ද දායකයෝ ඊළඟ ඡන්දයේදී කාවද රවට්ටන්නේ? සෑම මැතිවරණවලදීත් කියන්නේ රට බේරගන්න තියන අවසන් අවස්ථාවත් මේක කියලා ජනතාව රවට්ටනවා. දැන් විමල්ලාත් කියන්නේ ඔවුන් ගොඩ වුනාළු වැරදි බස් රථයකට... ඒ නිසා එම බස් රථයෙන් ඔවුන් බැස්සාලු. ඔවුන්ම බැස්සුවේ නැහැ. රියදුරා ඔවුන්ව පන්නලා දැම්මා. වැරැදුනේ ඔවුන්ට නොවේ, ජනතාවට වැරදුනේ...!

:       113       231

ravin Sunday, 25 September 2022 04:14 PM

ඔය කොයි කොයි කිල්ලෝටෙත් හුණු තියෙනවා. ඒ හින්දා කිල්ලෝටවල තියෙන හුණුවලින් ටික ටික ගත්තා නම් ඔය පාඩුව පියවාගන්න පුළුවන්. ආ අමතක වුණාද සතොසේ ඉන්න අය ඔය වැඩේට දක්ෂ විත්තිය. සුදුළූණු කේස් එකේදී එළියට ආවේ බඩු ගෙනැල්ලා නරකයි කියලා කුණු කොල්ලෙට විකුණලා පස්සේ එම බඩුම ආපහු ගන්නවා කියලා..

:       45       33

don Sunday, 25 September 2022 07:15 PM

මේක අයකරගන්න ඕනෑ පොහොට්ටු පක්ෂයෙන්...!

:       22       6

Nandalal DE SILVA - France Sunday, 25 September 2022 10:26 PM

එදිනෙදා අවශ්‍ය පරිප්පු, සැමන්, හාල්මැස්සන් වගේම කුළුබඩු ආදිය සතොස හරහා කෙළින්ම ආනයනය කර ජනතාවට බෙදාහැරීමේ ක්‍රමයක් මගින් මේ පිල්ලිගැසීම්, කොමිස් ආදිය නතරකරගැනීමට බැරිද?

:       0       1

Piyasingha Sunday, 25 September 2022 11:08 PM

බන්දුලගෙ වැඩ

:       0       0

S.H.liyanage Monday, 26 September 2022 08:52 AM

ඊලගට කියයි සතොස පඩු ලබන හිද වහන්න ඔන කියල . විදුලි බල මණඩලයට කරන්න යන්නෙත් ඔකමයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 541 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site