
(ජේ ඒ එල් ජයසිංහ)
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ නිල කාලය අද දිනයෙන් අවසන් වන නිසා නිලවරණය පැවැත්වෙන තෙක් ප්‍රදීප් නිලංග දෑල මහතා වැඩ බලන දියවඩන නිළමේ වරයා වශයෙන් පත් කිරීමට තීරණය කර ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
ඓතිහාසික මල්වතු අස්ගිරි උභය මහා විහාර පර්ශවයන්හී මහා නායක හිමිපාණන් වහන්සේලාගේ නිර්දේශ මත බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තු එම තීරණය ගෙන ඇත.
එළඹෙන දියවඩන නිළමේ නිලවරණය සඳහා ප්‍රදීප් නිලංග දෑල, මහනුවර නාථ දේවාලේ බස්නායක නිළමේ සරත් බණ්ඩාරනායක ,මහනුවර කතරගම දේවාලයේ සහ පස්ගම නාථ දේවාලයේ බස්නායක නිළමේ දමින්ද බණ්ඩාර උඩුරාවණ , පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරයකු වන තිලක් සුබසිංහ යන මහත්වරු ඉදිරිපත් වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිළමේ ආයේ නම් එපා. හොදටෝම ඇති.
වසර 20ක් පමණ දියවඩන නිලමේ තනතුර දැරූ නිලංග දෑල අලුත් කෙනෙකුට එම තනතුර බාරදීමට නිර්ලෝභී වනු ඇතිබව බෞද්ධයි මතය වේ
කපටි උපාසක පොත කියවන්න… මෙයාගේ වගතුග ඒකේ පිළිවෙලට ලියලා තියෙනවා.
වසර 25 ක් නායකත්වය දෑරූ අනුර කුමාරගෙත් කාලේ හරි.
මාලිගාවේ පිංකැටයට කෙලපු එකා ආයෙ ඕනි නෑ