(අංජුල මහික වීරරත්න)

වත්කම් සහ බැරකම් හෙළි කළ යුතු පුද්ගලයින්ගේ ප්‍රමාණය ඉහළ නංවා ඇති අතර එය ලබාදිය යුතු නිලධාරීන්ගේ පරාසය පුළුල් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. 

2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතට අනුව, වත්කම් සහ බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය සංශෝධනය කිරීම මඟින් මෙම පරාසය පුළුල් කර තිබේ.

මීට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මාර්ගෝපදේශ සහ යාවත්කාලීන කරන ලද ප්‍රකාශන ආකෘතිය නිකුත් කර ඇති අතර එය කොමිසමේ වෙබ් අඩවියට පිවිසීමෙන් (www.ciaboc.gov.lk) බාගත කර ගත හැකි බව ජනාධිපති කාර්යාලය පවසයි.