(අමිල සම්පත් ශ්‍රී  සහ එම්.කේ .නන්දසේන)

තිස්සමහාරාම ජූලපතාන වැව් පිටියෙන් පැටවු හොර හරක් රැගත්ලොරි රථයක් පසුපස ලුහුබැඳ වෙඩි දහයක් තබා සිරියාගම ප්‍රෙද්ශයේ ලොරි රථය නතර කොට සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත්   බව පොලීසිය කියයි.

වෙඩි තබා නතර කළ ලොරියේ එහි සිටි එළ වැස්සියන්,පැටවුන් ඇතුළු 20 දෙනකු පොලිස්බාරයට ගෙන තිබේ.

ලොරිය නවත්වන අවස්ථාවේදී එහි සිටි තවත් සැකකරුවන් දෙදෙනකු පලාගිය බවත් තිස්සමහාරාම පොලිසිය සඳහන් කළේය.

හිංසාකාරී අයුරින් ගවයින් පටවා තිබී ඇති අතර තදබදය නිසා එක් ගවයකු මියගොස් සිටි බවද  පොලීසිය පැවසීය.

 අත්අඩංගුවට ගත් සැකකරුවන් ගෙන් එක් අයෙකු බේරුවල ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර අනිත් පුද්ගලයා සිරියාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පැන ගිය පුද්ගලයින් දෙදෙනා ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි.  

නීති විරෝධී අයුරින් හරක් පටවන බවට තිස්සමහාරාම පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය එම සෝදිසි මෙහෙයුම කර තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන්  ප්‍රශ්න  කිරීමේදී රුපියල් ලක්ෂ 10 ක මුදලකට මෙම ගවයින් ලබාගත් බව ප්රලකාශ කොර ඇතැයි පොලීසිය කියයි.

ලොරියට වෙඩි තබන අවස්ථාවේ එක් වෙඩි උණ්ඩයක් ලිස්සා ගොස් බේකරි කෑම ප්‍රවාහනය කරමින් තිබූ තිරෝද රථයක වැදීම නිසා එම රථයේ විදුරුවකට හානි සිදුව ඇතත් කිසිවෙකුටත්  අනතුරක් සිදුවනැති බවද පොලිසිය කියයි. 

 තිස්සමහාරාම පොලිස්ථානාධි ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝහර යසස් කුඩා ගොඩගේ මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චතුර, කොස්තාපල්වරුන් වන 78087 සමීර, 85274 ධනුෂ්ක, 76271 අමරසේන යන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම ලොරි රථය අත්අඩංගුවට ගෙන තිබිණ.


  ( ඡායාරූප-  අමිල සම්පත් ශ්‍රී)