බිමල් ෂ්‍යාමන් ජයසිංහ
වෙසක් පුන් පොහෝ දා වන අද දින මීගමුව පෙරියමුල්ල ශාන්ත අන්තෝනි පාරේ නිවසක සුරතලට ඇති කරන බල්ලෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික පොලිස් අධිකාරී වරයෙක් මීගමුව පොලිසිය මගින් අද අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි .
බල්ලාගේ හිමිකරු නිවසේ ගේට්ටුව ඇරීමෙන් පසු බල්ලා එළියට ගොස් ඇති අතර විනාඩි 5 ක් පමණ ගත වෙද්දී වෙඩි සද්දයක් ඇසීමත් සමගම සොයා බැලීමේදී ලේ ගලන තුවාල සහිතව නිවස ඉදිරිපිටට දුවගෙන ආ බල්ලා ඇද වැටී මියගොස් ඇතැයි පොලිසිය සදහන් කරයි .
බල්ලාට වෙඩි ප්‍රහාරය එල්ල වන අයුරු අසළ නිවසක සී.සී.ටීවී කැමරාවක සටහන් වී ඇතැයි මීගමුව පොලිසිය කියයි .
විශ්‍රාමික පොලිස් අධිකාරී වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ මානසික විකුර්තින් අහිංසක සතුන් ඝාතනය කරන පුද්ගලයන්ට අනිවාර්යෙන් තදින් දඬුවම් දිය යුතුයි.
පර බල්ලෙක් අහිංසක බල්ලකුට වෙඩි තියල.. නිතිය හරියට ක්‍රියාත්මක වෙනවද කියල රටම බලාගෙන ඉන්නවා ...
මිනිසුන් පොලීසියට ගියාම මනුෂ්‍යත්වය රජවෙනවා. අර කිව්ව සතා පොලීසියට ගියාම පොලීසිය ඒ සතාටම යනවා.
මනුස්සයෙක් මැරිලා... බල්ලෙක් වෙඩි තියලා...
පැන්ෂන් ගිහිල්ල මෙහෙම නම් රස්සාව කරන කාලේ කොහොමට ඇද්ද..? අද මේ උතුම් පෝය දවසේ ...
මෙවැනි අසික්කිත වැඩ කරන අයට බල්ලා යැයි කීම බල්ලන්ට කරන බලවත්ම අපහාසය බව මගේ අදහසයි...
පැන්ෂන් ගිහිල්ල මෙහෙම නම්, රාජකාරි කරන කාලේ අහිංසක මිනිස්සු කොපමණ මරන්න ඇත්ද?
මෙයාට දෙන්න ඕන රජ කාලේ දඩුවම්...
දඩුවම්ද දෙයි... පුලුවන් නම් උසස් වීමක් නම් දෙයි.... විශ්‍රාමික වුනත්...
පැන්ෂන් ගිහිනුත් බලු වැඩ කිරීම අත්හැරලා නැහැ... නිල ඇදුමේ උෂ්නේ 60 පැනලත් නතර වෙලා නැහැ.. නිල ඇදුමටත් "ලැජ්ජයි "...
බල්ලන්ට නම් ඉලක්කය ගන්න පුළුවන්... හොරෙක් උනානම් මෙලහකටත් අහිංසකයෙක් ජීවිතයෙන් වන්දි ගෙවල...
ඒ කාලේ මිනිස්සු පණපිටින් ටයර් සෑයවල්වලට යවපු කණ්ඩායමේ කෙනෙක් වෙන්න ඇති...
පොලිසියේ අය සල්ලි වලට ඕනෑම වැඩක් කරනවා.. අහිංසක මිනිසුන් කීදෙනකු සල්ලි වලට බොරු චෝදනා හදලා වාර්තා හදලා යවලා තියෙනවාද?
ආරංචියේ හැටියට ඊයෙම ඇපත් ලැබිලලු. බලන් ඉන්නකෝ පොලිසියත් ලස්සනට චෝදනා ගොනු කරයි එයාලගේ කෙනාට විරුද්ධව. අපි නොදන්න ලයිව්....
විශ්‍රාමික පොලිස් අධිකාරිවරයෙක්ලු... පොලිසියේ ඉන්න කාලයේ කරපු දේවල් හිතාගත හැකියි නේද?
අහිංසක සතෙක් මරලා... මිනිහෙක් නෙවෙයි. අසරණ සතාට හොඳ ආත්මයක් ලැබේවා...!!!
මේ වගෙ අය තව කොපමණ රාජකාරියේ ඇත්ද?
බල්ලෙක් බලු වැඩක් කරලා ඌට දහමට අනුවවත් දඬුවමක් ලැබේවි. හැබැයි තවත් දෙයක් තියෙනවා. බල්ලා ඇයි පාරට ඇරියේ එහි තවත් අරමුණක් තිබෙන බව පැහැදිලියි. මං මාවත්වල නිදහසේ සැරිසරන බල්ලන්, හරකුන් වැනි සතුන්ගෙන් වන හානි වැඩියි. එයටත් පිළියමක් තියෙන්න ඕනෑ.
හුරතලේට ඇතිකරන සතෙක් හරියට තමුන්ගේ දරුවෙක් වගේ. මේ මනුස්සයට (යක්ෂයාට) උපරිම දඬුවම් දෙන්න ඕනේ.
අහිංසක බල්ලෙක් මැරී වැටෙන විට, මිනී මරන්නෙක් ඉපදුණා. සියලු බල්ලන් සුවපත් වේවා..!
බල්ලන්ට වෙඩි තැබීම පාපයක්. ඒ වගේම තමයි තමන්ගේ සුරතල් සතුන් අයාලේ යැවිමත් වරදක්. තමන්ගේ සුරතල් සතුන් තම සීමාවේ පමණක් තබා ගැනීමට උන්ගේ අයිතිකරුවන් කටයුතු කළ යුතුයි. ඒ නිසයි මෙවැනි නොවිය යුතු සිදුවීමක් වුණේ. මොනවා වුණත් මේ පුවතේ අදාළ වෙඩික්කරුගේ පැත්තෙන් කතාවත් අහලා ඉවරවෙලා පාඨකයින් තීරණයක් ගන්න එක තමයි හොඳ. මොකද ඔයවගේ සිදුවීමක් පහුගිය දවස්වලත් සමාජ ජාලාවල, මාධ්‍යවල ගියා කොස් ගෙඩියක් කඩන්න ආපු කෙනෙකුට පිහියෙන් ඇන්නා කියලා. ඒත් හොයලා බලනකොට ඒ පුවතේ අපට නොකියූ තවත් විස්තර තිබුණා.
මේ කතාවේ දෙපැත්තක් ඇත. කව්ද දන්නේ බල්ලාගේ අයිතිකාරයා හිතාමතාම ඔය වැඩේ කරනවද කියලා... බල්ලා මරපු එක වැරදියි. ඒත් එයාටත් කියන්න එයාගේ කතාවක් ඇති...
පුද්ගලයාගේ තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. මෙවැනි අකටයුතුකම් වලට විරුද්ධව නැගී සිටින ඔටාරා ඩෙල් මැතිණියට ජයවේවා...!!!
අත්දැකීමෙන් කියන්නේ, බල්ලෝ හදන අය මළපහ කරන්න පාර දිගේ යවනවා. අපේ ගෙදර ඉස්සරහත් මේක වෙනවා හැමදාම.., මම ඒවා අස් කරනවා අනුන් වෙනුවෙන් ලොකු ඉවසීමකින්. බල්ලෝ හදනකොට උන්ගේ අසුචිත් හරියට කළමනාකරණය කරන්න ඕනෑ... නැත්නම් අහිංසක මිනිස්සු මිනීමරුවන් වෙනවා. සතුන්ගේ වැඩ හරියට කරන්න බැරි නම් සතුන් නොහදා ඉන්න. අපේ පරිසරය හා පාරවල් අන්ත ජරා හා අශෝභන වෙනවා මේ වැඩෙන්... අනික් රටවල මේක හරියටම ක්‍රියාත්මක වෙනවා. දඩ ගෙවන්න ඕන ඒ සත්තුන්ගේ මළපහ අස් කලේ නැත්නම් හරියට. මිනිසුනේ ඔළුගෙඩි වලින් කල්පනා කරලා වැඩ කරලා ලංකාව ලස්සන කරමු. ආත්මාර්ථකාමී නොවී...
මෙම තුවක්කුවට බලපත්‍රයක් තිබේද? නැතිනම් සිය රජකාරී තුවක්කුව ආපසු බාරදී නොමැතිවද?
මොහු රාජකාරි කරන කාලේ මිනිස්සු කීදෙනෙක් හපාකන්න ඇතිද ?
කොම්බු චැනල් එකේ උදේට පත්තර කියවන හාදයා නම් කිව්වා ලස්සණට තණකොල වවලා තියෙන තැන ජරා කරන්න බල්ලො ඇරපු එක වැරදියි.. ඒක ගැනයි හිතන්න ඕනේ කියලා. සමහර විට මිනිහට තණකොල වටිනවා ඇති. තමන්ගේ කෑම ගැන එහෙම හිතෙන එකේ පුදුමයක් නෑ... පැන්ෂන් කුක්කාට අවුලක් වෙන්නේ නෑ.. නීතිය අකුරටම වෙන නිසා ලස්සනට එළියට එනවා. නීතිය සැමටම එක විදියට ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා පිළිගන්න තවත් හොඳම අවස්ථාවක් මේක...
පෙන්ෂන් ගිහින් මෙහෙම නම්.... ඒ කාලේ මිනිස්සුන්ට සලකන්න ඇත්තේ මීටත් අන්ත විදිහටනේ.. මේ තිරිසන් ගති ඇත්තාට උපරිම දඬුවම් දෙන්න ඕනේ... මැදපෙරදිග නම් මෙලහට අත්දෙකම අයින් කරලා...
මොහුට වගේම බල්ලව ගේට්ටුව ඇර තමන්ගේ ඉඩමේ සීමාවෙන් එලියට යවපු පුද්ගලයාටත් දඬුවම් දෙන්න ඕනෑ. සත්තු හදන අය දැනගන්න ඕනෑ අනුන්ට කරදරයක් නොවන විදියට උන්ව හදන්න. සමහර බල්ලො ජරා කරන්නෙම අල්ලපු ගෙවල්වලට ගිහින්. මේ වෙඩි තැබීමත් දීර්ඝ කාලයක් හිටන් බල්ලගෙන් තිබ්බ කරදරයක් නිසා කරපු දෙයක් වෙන්න පුලුවන්...
වැඩිම වුණොත් යම්කිසි දඩයක් සහිතව මොහුට ඇප ලබා දෙයි... ඕක තමයි අපේ රටේ ලොකු ලොකු උදවියට ක්‍රියාත්මක වන නීතිය.
මොහුට උපරිම දඬුවම් දෙනතුරු රටම බලා සිටියි.
මේ පුද්ගලයා ඉස්සර කොහොම රැකියාව කරන්න ඇතිද? කීදෙනෙක් අහිංසකයන් මරන්න ඇතිද...?
මේ අසික්කිත මිනිසා ජිවිත කාලය තුලම සිරබත් කන්න සුදුසු නරුමයෙක්. කිසිම නිදහසක් දෙන්න එපා. මුළු සමාජයටම පිළිකාවක් වැනි මොහුගෙන් සාමකාමී ජනතාව ආරක්ෂා කරන්න.
මීට වඩා කාළකන්නියන් ලංකාවේ සිටිය නොහැකිය.
ගෙදරක හැදුන, " පොලිසියේ හැදුන" බල්ලන්ගේ වෙනස තේරුම් ගන්න මේක හොඳටම ප්‍රමාණවත්. බලු ආත්මයෙන් මිදුන තිරිසන් සතාගේ භව ගමන නිමාවී ඉතාමත් ඉක්මනින් නිර්වානාභෝධයට පත්වේවා!!!
වෙඩි තියන්න තිබුනේ තමන්ගේ `හුරතල්` බල්ලාට පිටවී යන්නට ඉඩ තැබුවා අයිතිකාරයාටයි. බල්ලන්ව හදනවා නම් අසල්වැසියන්ට කරදර නොවෙන විදිහට හදා ගන්න ඕන. මේකේ කමෙන්ට් ගහන මිනිස්සු කතාකරන්නේ හරියට සහ්දර ප්‍රේමයෙන් වගේනේ. ඒ මනුස්සයා බල්ලාට වෙඩි තිබ්බේ නිකම් ආශාවට වෙන්න බැහැ. මොකක් හරි සාධාරණ හේතුවක් තිබිය යුතුයි. ඒක හින්දා .. එක බල්ලෙක් බිරුවාම අනිත් එවුනුත් එක දිගටම බුරනවා වගේ කොමෙන්ට් දාන එකේ තේරුමක් නැහැ.
ඕවා මොනවාද පැන්ශන් ගිය පොලිස්කාරයෙක් නම්....මෙයා ඔය විදිහට බල්ලාට ක්‍රියා කළානම්....ඒ කාලේ උසස් පෙළ කල ළමයින්ව අමු අමුවේ මරන්න අති ජේවිපි කොල්ලෝ කියලා.
අනිත් කාරණය තමයි මේ පුද්ගලයා පාරේ යන සතෙකුට වෙඩි තියන්නේ. එයාගේ වත්තට ඇතුළු උන සතෙක් නෙවෙයි. ඒ නිසා කරපු පාපයට අමතරව බරපතල වරදක් කරලා තියෙන්නේ තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕන. අවධානයෙන් ඉමු නිතිය කොහොමද ක්‍රියා කරන්නේ කියලා.... ඒ නිසා මින් ඉදිරියටත් මේ සම්බන්ධව පාඨකයන් දැනුවත් කරනමෙන් මම කරුණාවෙන් ඉල්ලමි.
උසාවි දැම්මත් වැඩක් නැහැ. දඩය රුපියල් 100 යි.
රොකී ඔයා හරි. මමත් ඔයාගේ මතයේ ඉන්නේ.
බල්ලෙක් නෙමෙයි ඕනම සතෙකුට ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. සතා මරපු එක දවස මොකක් උනත් කොහොමටත් වැරදියි. ඒ ගැන තර්කයක් නැහැ. නමුත් Rocky සහ අමිල කියනව වගේ සත්තු අයාලේ යවන එකයි, දඩාවතේ යන සත්තුයි නිසා කාටවත් කරදරයක් නැතුව ජීවත් වෙන මිනිස්සු කොයි තරම් පීඩාවට පත් වෙනවද?
දෙපැත්තෙන්ම වරදක් වෙලා තියෙනව. ඉවසීමෙන් වැඩ කරන්න. මේ වෙසක් මාසයේ තම තමන්ගෙන් වෙච්ච වැරදි මෙනෙහි කරන්න. අපි කවුරැවත් දන්නෙ නැහැනෙ කථාවෙ අග මුල.... කොහොම වුනත් බල්ලා අහිංසක සතෙක්. මිනිසුන් ලග නැති ගති ලක්ෂණ බල්ලන් ලග තියෙනව... බල්ලො-බලල්ලු-ගවයො වගෙ සත්වයො මිනිස්සු නැති තැන ජිවත් වෙන්න කැමති නැහැ. ඒ නිසා මින් ඉදිරියට මේ වගේ අවාසනාවන්ත දේවල් නොවෙන්න කවුරැත් වග බලා ගන්න. දෙපැත්තෙන්ම වේදනාවට පත්වූ සිත් සුවපත් වේවා...
ඕක පොලිසියේ හිටිය කාලෙත් බල්ලෙකුට වඩා වෙනසක් නැහැ. ඕකට මිනිස්සු බල්ලා කියල කොයිතරම් කියලා ඇද්ද? ඔය කෙනාටත් එ් අහිංසක සතාට දුන්නු දඬුවමම දෙන්න...
අල්ලපු එකේ නම් වරදක් නැහැ. ඒ වුනත් ඒ කාලේ ඔය බල්ලා මරපු විදියටම මිනිස්සු මරද්දී මෙයාලට පදක්කම් දුන්න මිසක් ඔය විදියට අත්අඩංගුවට ගත්තේ නැහැනේ.
කසුන් , පෙරියාමුල්ලේ සිටින කිහිප දෙනෙක්ම පාරට මායිම්ව චුටි ඉඩම් කැල්ලක් තමන්ගේ ඉඩමෙන් දෙන්න ඇහුවා..නොමිලේ.
තමන්ගේ සුරතලාට එතරම් ආදරයක් තිබෙනවා නම් මහපාරට යවනවද? සුනඛයෙක් පාරේ දුවන අවස්ථාවක වාහනයක ගැටෙන්න ඉඩතිබෙන අතර ඒ සතා මරාදැමුව අය වගේ අයත් ඉන්නවා. ලංකාවෙ බල්ලන්ට සලකන්නේ බොහොම පහත් විදියටයි. ඇමෙරිකාවේ සලකන්නේ පවුලේ සාමාජිකයෙක් හැටියටයි.
රොකී, ඔබ මේ ප්රශ්නය දිහා බලන කෝණය වැරදි බව තේරුම් ගන්න. මේ සතාට වෙඩි තැබීමෙන් ඔබ්බට අපි හිතන්න ඕනෑ. මොකද මෙවැනි විකෘති මනසක් ඇති පුද්ගලයින් වටා සිටින අසල්වාසීන්ටත් මෙයා උත්තර දෙන්නේ මේ ගිනිඅවියෙන්ම තමයි. කොහොම වුණත් මේ ගිනිඅවිය නීත්‍යානුකූලද, එසේවුවත් මෙවැනි අපරාධයකට එය පාවිච්චි කළහැකිද? මෙය නීතියට බාරදී අපි බලා ඉඳිමු...
පොලිස්කාරයට හෙන 7ම ගහපන්. ඊලග ආත්මේ බල්ලෙක් වෙලා තමයි ඉපදෙන්නේ...