(අංජුල මහික වීරරත්න)
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.
ඉන් පසුව කම්කරුවා යන නාමය ඉවත් වී ගරුත්වයෙන් යුතු රැකියාවක් ඔවුන්ට හිමිවන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පිටකෝට්ටෙි සිරිකොත සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙි බව පැවසීය.
සමගි ජන බලවේගයේ ප්‍රාදේශීය සහ ජාතික නායකයන් ඇතුළු බොහෝ පිරිසක් ලබන මැයි මාසයෙන් පසු එක්සත් ජාතික පක්ෂය සමඟ එකතු වන බව ද අමාත්‍යවරයා මෙහිදී කීය. සමගි ජන බලවෙිගය නියෝජනය කරන සමහරු මන්ත්‍රීවරුන් තමන්ගේ මන්ත්‍රී ධූරය පිළිබඳව තිබෙන විචිකිච්චාව නිසා සෘජුව එජාපයට එකතු වෙන්නට අකමැති වුවද බහුතර පාක්ෂික පිරිසක් දැනටමත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී සිටින බවද අමාත්‍යවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක්
Kanchana Sunday, 28 April 2024 11:31 PM
ඔය ගොන් කතා අහලා රැවටෙන්න මෝඩයෝ දැන් මේ රටේ නැහැ.ගෑනිටයි දරුවටයි කන්න දෙන්නේ නැති එකා රටේ මිනිස්සුන්ට කරයිද ?ඉක්මනටම කොරියා යවනවා කියලා මිනිස්සු රවටලා ගත්ත සල්ලි ගෙවනවා...ගිය සුමානේ පත්තරවලත් තමන් ගැන සඳහන් වුනා.හැබැයි පුතෝ උඹ අපේ ඡන්ද ඉල්ලගෙන හිඟමනේ එනවා නොවෙයි,
පිටරටවැසියා Sunday, 28 April 2024 11:44 PM
වැඩ කරන සැමට විශ්‍රාම වැටුපක් - ඒකනම් ඇත්තටම හොඳයි, මොකද කිසිම වැඩක් නොකරන, හොරකම්-මැරකම් විතරක් කරන දියවන්නාවේ තක්කඩි 226ටම විශ්‍රාම වැටුපක් තියෙන එකේ.
පිටරටවැසියා Sunday, 28 April 2024 11:47 PM
සජබ ඉන්න තක්කඩින්ට මොකක්ද තියෙන විචිකිච්චාව සෘජුව එජාපයට එකතු වෙන්නට? දියවන්නාවේ තක්කඩි 226ටම මොළයක් සහ ලැජ්ජාවක් තියෙන අයද??
Perera Monday, 29 April 2024 05:59 AM
දෙන දෙයක් අපි ගන්නම් හැබැයි උඹලාට ඡන්දේ නම් දෙන්නේ නෑ ගොයියෝ
asank Monday, 29 April 2024 07:00 AM
හරි අපි හිතමුකෝ සමගි ජන බලවෙිගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඔක්කොම එක්සත් ජාතික පක්ෂයට එකතු වුණා කියලා එකෙන් කියන්නේ ඔයගොල්ලෝ දිනනවා කියලාද අපිනේ ඡන්දය දෙන්නේ අපියි තීරණය කරන්නේ අපිටයි ඒ අයිතිය තියෙන්නේ අපි ඔයා සහ සෑම දෙනා ගැනම හොදට දන්නවා ඔයා සහ ආණ්ඩුවේ ඉන්න අනිත් අය රත්තරං දුන්නත් ඒ රත්තරං අරගෙන මොනවද කරන්න ඕනේ කියලා අපි දන්නවා.
Amare Monday, 29 April 2024 07:23 AM
රනිල්ගේ ගෝලයෝ මේ දවස්වල පොරොන්දු දෙන විදිහට මට හිතෙන්නේ ලංකාව දැන් ලෝකෙයේ පෝසත් ම රට වෙලාද කොහෙද
AB Monday, 29 April 2024 07:40 AM
ලංකාවේ ප්‍රදේශ කිහිපයක අධ්‍යයනයකින් පසු වැඩ කරන වැඩකරන පුරවැසියන් බොහෝදෙනෙකු සමග අදහස් හුවමාරුකර ගැනීමෙන් පසු සැමට විශ්‍රාම වැටුපක් පිලිබදව අදහස ජනාධිපතිවරයාට බාරදෙනු ලැබුවේ 2014 වසරේදීය. එවකට ඔහු විපක්ෂ නායකයාව සිටි අවදියේය
Ajantha Monday, 29 April 2024 07:41 AM
රනිල් කියනවා විශ්‍රාම වැටුප දෙන්න බෑ කියලා.. මෙයා කියනවා දෙනවා කියලා
නිහාල් Monday, 29 April 2024 09:47 AM
දැන් නම් විස්වාසයි ඡන්දෙ ළඟයි
අරවින්ද මොනරවිල Monday, 29 April 2024 10:44 AM
අවුරුදු හතලිහක් තිස්සේ දේශපාලන කෙරුව, හය පාරක් රටේ අගමැති වුණ තවත් වතාවක් පිනට ජනාධිපති වුණ එකකුට දැන් තමයි මතක් වෙලා තියෙන්නේ කම්කරුවන්ට සුබසාධනය කොරන්න. මරු මරු ඉතිරි ටිකත් ඔහොම යමුකෝ අපි බලාගන්නම් ජනාධිපතිවරණයේදි.
Kazi Shajahan Monday, 29 April 2024 12:09 PM
චන්දෙට කලින් බණ අඩුයි ධානය වැඩියි,චන්දෙට පසුව බණ වැඩි ධානය ඇත්තෙම නැහැ .රැවටෙන්න එපා මේ බොරුකාර ,ජම්පර්ස්ලට
සෙනෙවිරත්න Monday, 29 April 2024 01:53 PM
ඔය හදන්නේ ඒ අරමුදල් දෙකට කෙලින්න, මයිනා ඕක කරන්න හදලා කොල්ලෙක් මළා, අහුවෙන්න එපා, මිනිස් ජාවාරම් කාරයින් කියන කතා...