(ඉන්දිකා රාමනායක)
වට්ස්අප් සමාජ මාධ්‍ය හරහා හදුනාගෙන සිටි 44 හැවිරිදි කාන්තාවක සමග කෙටි පණිවුඩ හුවමරු කර ගත්තැයි පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහර දුන් 21 හැවිරිදි තරුණයා මාස පහකට පසු මිය ගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසිය කියයි.
ඉකුත් අප්‍රේල් 19 දින සැකකරුවන්ගේ හා සැකකාරියන්ගේ පහර කෑමට ලක් වු තරුණයා සිහි නොලබා කොළඹ ජාතික රෝහල් ප්‍රතිකාර ලබමින් සිටියදි ඉකුත් 12 දින මියගොස් තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් තරුණයා සමග සමාජ මාධ්‍ය ගිණුම හරහා පණිවිඩ හුවමාරු කරගත් කාන්තාව, ඇගේ මව, සැමියා , සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඔවුන් පදිංචි ගම් ප්‍රදේශවලින් පලාගොස් සැඟව සිටින බවද පොලිසිය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ හගුරන්කෙත බඹරගම ප්‍රදේශයේ පදිංචි ඉන්දුනිල් චාමර කාරියප්පෙරුම (21) නැමැති තරුණයකු බවත්, ඔහු කොරියානු භාෂා පාඨාමාලාවක් හදාරමින් සිටි තරුණයකු බව පොලිසිය පවසයි.
මෙම තරුණයා එහි වට්ස්අප් සමාජ මාධ්‍ය ගිණුම හරහා හදුනාගත් කාන්තාවක් සමග කෙටි පණිවිඩ හා ඡායාරූප හුවමාරු කරගෙන ඇති බවත් එම කාන්තාව වයස අව්රුදු 44 ක විවාහක කාන්තාවක් බවට තරුණයා දැනගෙන නොමැති බවද පොලිසිය සදහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
290
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වට්ස් ඇප් නිසා ගුටි කෑ තරුණය මාස පහකට පසු මරුට
Sk Saturday, 16 September 2023 11:53 AM
මාස 5ක් යනකනුත් වැරැදිකාරයෝ හොයාගන්න බැරි පුදුම පොලිසියක්...
Gagana Saturday, 16 September 2023 12:19 PM
මේ වීඩියෝව මා දුටුවා. අමානුෂික මිනිසුන්. හුස්ම ඇදලා ඔහොම මැරිල යයි බන් කියලා කියපු කාලකන්නියා පටං මේ කරුමක්කාර ක්‍රියාවට සම්බන්ධ සියලුම සක්කිලියන් කණ්ඩායම අත්ඩංගුවට ගෙන උසාවි දමා ජීවිතාන්තය තෙක් හිරගෙදර යවන්නට කටයුතු කරන්න කියා අදාල පාර්ශව වලින් මා බැගෑපත්ව ඉල්ලා සිටිමි..
lankasri Sunday, 17 September 2023 01:27 AM
මේ පණිවිඩ ඇරියයි කියන ගැහැණිය දිවිඇතිතෙක් හිරෙට යවන්න ඕනේ... අහිංසකයෙක්ව උගුලක පැටළුවාට. අන්තිමේ ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්ද වුණා...