(නිමල් ජයරත්න )
යුක්තිය මෙහෙයුමට සමගාමීව, වැලිකන්ද පොලිසියට ලද තොරතුරක් මත පොළොන්නරුව වැලිකන්ද කඩවතමඩුව ප්‍රදේශයේ අද(21) වැටලීමකට ගිය වැලිකන්ද පොලිසියේ නිලධාරීන් දෙදෙනෙකුට කාන්තාවක් බෝතලයකින් ඇනීමෙන් තුවාල ලැබූ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.
එම කාන්තාව බෝතලයක් කඩා බෝතලේ කොටසකින් පොලිස් සැරයන්වරුන් දෙදෙනාගේ වම් හා දකුණු අත ප්‍රදේශයට ඇනීමෙන් සිදුව තිබෙන තුවාල හේතුවෙන් රෝහල් ගත කර ඇති බව වැලිකන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන්ත රත්නායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේය.
මෙම සිද්ධියට සම්බන්ධ සැකපිට කඩවතමඩුව නව මැණික්දෙනිය ගම්මානයේ පදිංචි, උක්කුං අක්කා යන නමින්
නීති විරෝධී අරක්කු අලෙවියට ප්‍රසිද්ධව සිටින හතළිස් පස්වියති එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනයන තැන පොලිස් උන්දැලා ගුටිකනවා. හේතුව පොලිස් ශබ්ද කෝෂයට ඔබතුමා කියන වචනයක් එකතුවෙලා තිබීමයි. මෙහෙවර පුතෝ කියන කාලේ ගුටි කෑවේ නැහැ..!