(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉනාමළුව සුවිසල් වෙළඳසැලක ගංජා මිශ්‍ර මත්කුඩු අලෙවි කරන බවට ලැබුණු තොරතුරක් මත එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී 19 දින පස්වරුවේ ව්‍යාපාරිකයා විසින් පොලිසියේ පස්දෙනෙකුට මිරිස් කුඩු ප්‍රරහාරයක් එල්ල කර පොලිසිය පැමිණි යතුරුපැදි දෙකකට අලාභහානි කොට පොලිස් නිලධාරීන්ට පහරදී මෝටර් රථයකින් පලාගිය බව දඹුල්ල පොලිසිය කියයි.
දඹුල්ල සහකාර පොලිස් අධිකාරී වරයා යටතේ ක්‍රියාත්මක වන දඹුල්ල දිස්ත්‍රික් වැටලීම් ඒකකයේ නිලධාරීන් පස්දෙනෙකු මෙම වැටලීම සඳහා සහභාගී වී තිබේ.
වෙස්වලාගත් පොලිස් නිලධාරීන් ව්‍යාපාරිකයාගෙන් මුදල් ලබාදී මත් ගුලි දෙකක් ලබාගනීද්දී පොලිසියෙන් බව පවසා ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන අවස්ථාවේදී වැටලීමට එක් වූ පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට සිය වෙළඳසලේ තිබුණු මිරිස් කුඩු වලින් හිස් ලූ ලූ අත පහර දුන් බව පොලීසිය කියයි.
පසුව වෙළඳසැලේ තිබුණු උදලු මිටවල් උපයෝගී කරගෙන මෙම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට පහරදී එම ස්ථානයේ පොලීසිය යතුරුපැදි දෙකකටද අලාභහානි සිදු කරමින් සිය බිරිඳකගේ ද සහාය ඇතිව මෝටර් රථයක නැගී එම ස්ථානයෙන් පළා ගිය බව පොලිසිය කියයි.
මෙම පලාගිය පුද්ගලයා ගේ මෝටර් රථයේ බොහෝවිට වෙනත් විස මත්ද්‍රව්‍ය තොගයක් තියෙන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරන අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට සීගිරිය පොලිසියේ කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කොට තිබෙන බව පොලිසිය කියයි .



2025 දෙසැම්බර් මස 18
325
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
205
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1001
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට මිරිස් කුඩු ප්‍රහාරයක්
SAHEED Monday, 19 November 2018 11:42 AM
අපේ පාර්ලිමේන්තුවෙන් ඉගෙන ගත්ත දෙයක්