
(අංජුල මහික වීරරත්න)
බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියෙහි පිහිටි ඉඩම් කොටස් දෙකක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත සහ කොළඹ 10 අශෝක විද්‍යාලය වෙත බදු දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බත්තරමුල්ල වෝටර්ස් එඩ්ජ් පරිශ්‍ර භූමියේ පිහිටි රූඩ් 2 පර්චස් 30.89ක ඉඩම් කොටසක් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බෝට්ටු පැදීම සහ දිවි ගලවා ගැනීමේ කඳවුරු පුහුණු කිරීම සඳහා නාවික හමුදාව වෙතත්, අක්කර 4 රූඩ් 2 පර්චස් 1.60 ක ඉඩම් කොටස ක්‍රීඩා පිටියක් ලෙස පරිහරණය කිරීම සඳහා කොළඹ 10 අශෝක විද්‍යාලය වෙතත් ඉඩම් කොමසාරිස් ජනරාල් මගින් දීර්ඝ කාලීන බඳු පදනම මත ලබා දීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම අත යට ගැහිල්ලක් ඇති අපි දන්නවනේ ඕක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා.යන එවුන් කොරහත් බිඳගෙනම යන්න තමයි දත කන්නේ