
(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය සේවකයන්ගේ වැටුප් පඩි කිරීම සඳහා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා මුදල් වෙන්කර නැතැයි වගකීමෙන් පවසන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
"අපිත් කැමතියි රාජ්‍ය සේවකයන්ගේ , පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩිකරන්න. නමුත් මේ අවස්ථාවේ ඊට අවශ්‍ය මුදල් වෙන් කරන්න අපහසුයි.
කැබිනට් තීරණයක් අරන් තියෙනවා කියලා හිටපු ජනාධිපතිවරයා කියනවා. නමුත් මහ භාණ්ඩාගාරයේ මුදල් තියෙනවා ද? කියලා හොයලා බලලා නෑ. එතුමා අත්දැකීම් ගැන කතාකරනවා, නමුත් යමක් පොරොන්දු වෙන්න කලින් ඊට අවශ්‍ය මුදල් තියෙනවා ද කියලා හොයලා බලලා නැහැ යැයිද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටලන්දේ රනිල් අවලංගු චෙක්පතක් නිකුත් කරලා. දැන් කෑ ගහනවා ඒකට මුදල් දෙන්න කියලා. විකාරනේ දොඩවනවා.
රනිල් කියන්නේ නිකන්ම කයිවාරු ගහපු කෙනෙක් කියලා ජනතාව දන්නේ අද ඊයේ නෙමෙයි. ඒක නිසානේ හැම ඡන්දෙම පරාද කළේ. ඒත් අනිත් හොරු ටික අල්ලගෙන කොහොම හරි පාර්ලිමේන්තු රිංගනවා.
රනිල්ගේ පොරොන්දු ගැන දැන් කතා කරලා වැඩක් නෑනේ. ඔයගොල්ලන්ට පඩි වැඩි කරන්න බැරි නම් අඩුගානේ පොරොන්දු වෙච්ච විදියට පෙට්‍රල් ඩීසල් 150ට දෙන්නකෝ.
අනුන් ඉතිරි කරපු සල්ලියක් අවශ්‍ය නැහැනේ. තමුන්ලා වැඩි කරනවා කියපු 25.000 වැඩී කලාම ඉවරයිනේ. ඇයි දැන් අමාරුයි වගේ දැනෙනවද කියපු තරමටම වැඩේ ලේසි නැහැ වගේද?
ඔවා ඡන්ද කාලේ මිනිස්සු රවට්ටපු තවත් පොරොන්දුවක් යන්න ඉස්සෙල්ලා වටේටම උගුල් අටවලා කල්පනාවෙන්.
කෝ මහබැංකුවේ ප්‍රතිචාරය. මුදල් අමාත්‍යංශයේ ප්‍රතිචාරය?
2048දී රටේ ආර්තිකය ගොඩ දානවා කියපු රනිල් කියන කතා කවුද විශ්වාස කරන්නේ? පුලුවන් ශ්‍රී ලන්කාලු. 47 වසරක්ම දේශපාලනේ කරලා හරියට වැඩක් කරගන්ඩවත් බැරි වෙචිචි...
රනිල් කියන ඒවා කරන්න අවශ්‍ය නෑ. එයා දීපු පොරොන්දු ජනතාව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එයා දීපු පොරොන්දු ඉටු කරන්න, මේ රජයට ජනවරමක් ලැබිලා නෑ...
පුරාජේරු සහ මුසාවාද වපුරා බලයට පත් ජවිපෙය දැන් තමන්ගේ දුර්වලකම් රනිල් පිට පටවා අත් සෝදා ගැනීමට මාන බලනු පෙනේ... අනේ ඉතින් කොච්චර කාලයක් ඔය වැඩේ කරන්නද? රනිල් බලයෙන් ඉවත් වුනේ කිසියම්ම හෝ කඩාකප්පල්කාරී ක්‍රියාවක් නොකරමින් බව ජවිපේ චතුරංග අබේසිංහ විසින් ප්‍රසිද්ධියේ පිළිගත්තා. කළ පළමු පත්වීමේ සිට තමන්ගේ විකාරරුපී බව පෙන්වූ ආණ්ඩුව දැන් තවත් නිරුවත් වී ඇත්තේ ගම්මන්පිල ඉදිරියේය. හොඳ හොඳ නැටුම් ඉස්සරහටයි. නමුත් රට නම් පස්සටය.
මැක්ස් තමුන්ලා පරාදයි, ඒක නිසා රජයට වරදිනකම් බලාගෙන ඉන්නේ නැතිව ඒ වගේම තමුන්ලා කතිරේ ගහපු අයගේ කෙරුවාව ස්මරණය කරමින් පව් කමා කරමින් පැත්තකට වෙලා ඉන්න...!
පාර්ලිමේන්තුවේ කාලයක් හිටපු කෙනෙක් හැටියට ඔහොම කියන්න ලැජ්ජාවක් නැද්ද හලෝ..? පාර්ලිමේන්තුවට පනතක් ඉදිරිපත් කිරීමේදී අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වුණත් ජනාධිපති ඉදිරිපත් කරන එකකට එහෙම අවශ්‍ය නැහැ. ඒත් වැටුප් වැඩිකිරීම සඳහා රනිල් මැතිතුමා එම යෝජනාව ඉදිරිපත් කලෙත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඇතිව තමයි. එහෙම තියෙද්දී කුණුහරුප කියන්න ලැජ්ජාවක් නැද්ද මහත්තයෝ? බැරිදේ පුළුවන්ද? දත්මිටි කෑවාට කියලා තමයි කියන්න වෙන්නේ... ඉස්සර කාලයේ රජතුමාට හකුරු හදපු මිනිහා අන්තිමේ කිව්වාලු කියනකොට එහෙමට වුණත් මහ රජතුමාණෙනි වෙනු සමා කරනකොට මෙහෙම්මයි එය වළක්වන්න බැහැ මැරුවත් මෙමා කියලා..!
ඔය සෙනවිරත්නලා වගේ මාලිමා වහල්ලුයි රාජපක්ෂලාගේ වහල්ලුයි දෙගොල්ලෝම එකයි. තමන්ගේ පක්ෂයේ එකාගේ අසුචිත් සුවඳයි කියන බත්බැලයෝ. රනිල් කිව්වේ ආර්ථික වර්ධනය IMF එකේ අපේක්ෂිත අගයට වඩා වැඩි නිසා නොවැම්බර් අයවැයෙන් පඩි වැඩිකිරීමට මුදල් වෙන්කළ හැකි බවයි. මාලිමාවේ සෙට් එක ඡන්දෙ කාලේ කියපුවා මිනිස්සුන්ට මතකයි. දැන් ඒ අය කියපු බොරු එක එක එලිවෙමින් පවතිනවා. රජයේ සේවකයින් අතරේ ඉන්න මාලිමා සෙට් එක ලැජ්ජාව වහගන්න දැන් කියනවා අපි වැටුප් වැඩිවීමක් ඉල්ලුවේ නැහැ කියලා. එතකොට ඒ දවස්වල ස්ට්‍රයික් කරලා ඉල්ලුවේ ටොෆිද?
මේ බොරුවට රාජ්‍ය සේවයේ වැටුපක් ගැන දොඩවනවා, සීයා බලන්නේ කොහෙන් හරි ඔලුව දා ගන්න ,ඕවට ජනතාව රැවටුන කලේ ගියා පැරදුනානම් ගෙදරට වෙලා ඉන්න
මේ අය කවද්ද ඇත්ත කීවේ . මිට්ටන් කට්ටන්. NPP එක බොරුමයි කෙලින්නේ