IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වැටුප් ඉල්ලා කතරගම ඩිපෝවෙි වැඩ වර්ජනයක්

(එම්. කේ. නන්දසේන)

පසුගිය මාසයට අදාල සේවකයින්ගේ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් බස් රථ ඩිපෝ භූමියේ ගාල්කොට රියදුරු කොන්දොස්තර ඇතුළු සේවකයින් අද (15) අළුයම කාලයේ සිට වැඩ වර්ජනයක නිරත වී සිටිති.

මෙම ඩිපෝව මගින් බස් රථ 55 පමණ සංඛ්‍යාවක් කෙටි ගමන් සහ දුර ගමන් සඳහා යොදවා ඇත. 

මෙම ඩිපෝව මගින්  තිස්සමහාරාම, ලුණුගම්වෙහෙර, කිරින්ද හම්බන්තොට, තංගල්ල, බුත්තල, මොනරාගල, වැල්ලවායවාය, තණමල්විල, මොනරාගල ඇතුළු තවත් ප්‍රදේශ රැසකටත් කොළඹ ගාල්ල, බදුල්ල, බණ්ඩාරවෙල,  මඩකලපුව, යාපනය, කුරුණෑගල ඇතුළු තවත් දුරබැහැර ප්‍රදේශයන්ටත් මෙලෙස බස් රථ යොදවා ඇත. 

මෙම වැඩ වර්ජනය හේතුවෙන් පාසල් වෙත යන දූ දරුවන්, ගුරුවරුන්, රාජ්‍ය ආයතන වෙත යන නිලධාරීන් විශාල පිරිසක් විවිධ දුෂකරතාවයන්ට මුහුණ පෑමට සිදුවූ බව ඔවුන් පෙන්වා දුන්හ.

පෙර මාසයේ වැඩ කරපු වැටුප ඊලඟ මාසයේ අටවෙනි දින වන විට ගෙවිය යුතු වුවත්, මෙම මාසයේ 15 දිනය වන විටත් නොගවීම නිසා මෙම වැඩ වර්ජනය දියත් කල බව සේවකයෝ පැවසූහ.   

ප්‍රවාහන අමාත්‍යාංශය නිකුත් කොට ඇති චක්‍රලේඛන අනුව වැඩි කර ඇති වැටුප් අනෙකුත් ඩිපෝවන්ට ගෙවා තිබුණද කතරගම ඩිපෝවේ රියදුරු කොන්දොස්තර වරුන්ට එම දීමනාව නොලැබී ඇති බවත්, එම හිඟ මුදල් පමණක් එක් සේවකයෙකුට ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ලැබීමට ඇති බවත් ඔවුන් ප්‍රකාශ කළහ. 

එපමණක් නොව අමාත්‍යාංශයේ ඉහළ සිටින නිලධාරීන් විවිධ අක්‍රමිකතාවන්හි යෙදී සිටින නිසා ලඟදීම සියලු බස් ඩිපෝවන් වැසී යනවා ඇතැයි ඔවුන් කියා සිටියහ.

මේ සම්බන්ධයෙන් ඩිපෝ කළමනාකාර සුනිල් ප්‍රියන්ත මහතාගෙන් විමසූ විට ඒ මහතා කියා සිටියේ රජය ඉන්ධන වාර හතරක් පමණ වැඩිකොට ඇති නමුත් ඊට සාපේක්ෂකව බස් ගාස්තු සංශෝධනය නොවූ බවත්, මේ නිසා වැටුප් ගෙවීම ඇතුළු බස් රථ අමතර කොටස් ලබා ගැනීම වැනි කටයුතු වලට බාධා පැමිණවී ඇති බවත්ය. 

කෙසේ වෙතත් තමා ප්‍රවාහන අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කොට ඇති බවද හිඟ වැටුප් මුදල් අද (15) ලබා දෙන බවට අමාත්‍යාංශය පොරොන්දු වී ඇතිිබව සේවකයින් කැඳවා සාකච්ඡා කලද වැටුප් ලැබෙන තෙක් බස් සේවාවන් ඔවුන්  ක්‍රියාත්මක නොකරන බවද කියා සිටියේය.



අදහස් (0)

වැටුප් ඉල්ලා කතරගම ඩිපෝවෙි වැඩ වර්ජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 979 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site