
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පුද්ගලයකු සාවද්‍ය ලෙස අත්අඩංගුවට ගෙන නොයෙක් ප්‍රදේශවලට රැගෙන ගොස් රඳවා තබා ගනිමින් ඔහු සතු මුදල් සහ දේපළ බලෙන් ලබාගෙන ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කළ පොලිස් නිලධාරින් දෙදෙනකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා එවකට ගම්පහ පොලිසියට අනුයුක්තව රාජකාරියේ යෙදී ඇති අතර වර්තමානයේ වැලිවේරිය පොලිසියටඅනුයුක්තව රාජකාරී කරන උපපොලිස් පරීක්ෂකවරයෙකු සහ සැරයන්වරයකු වන බව පොලිසිය සඳහන් කරයි.
2021 අගෝස්තු මස 6 වෙනි දින මෙම නිලධාරීන් දෙදෙනා ගම්පහ පොලිස් ස්ථානයේ රාජකාරී යෙදී ගම්පහ දුම්රියපොළ අසලදී පරගස්තැන්න තල්දෙන බදුල්ල ලිපිනයේ පදිංචි පුද්ගලයකු ගංජා කිලෝ 2 ගෑම් 270 ක් හා ගිනි අවියක කොටසක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර එම අත්අඩංගුවට ගැනීම සාවද්‍ය බව එම පුද්ගලයා විසින් ගම්පහ කොට්ඨාස භාර නිලධාරී වෙත කරන ලද පැමිල්ල ඉදිරි විමර්ශනශන කටයුතු පොලිස්පතිතුමා විසින් මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර තිබූ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
686
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
327
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටත් නියරත් ගොයම් කාලා
පැරකුම් Wednesday, 06 November 2024 01:48 PM
ඕකට තමයි කියන්නේ “ගුරා හිටගෙන කරනකොට ගෝලයො දුව දුව කරනවා” කියලා...!
sam Thursday, 07 November 2024 08:04 AM
මේ අයව බරපතල වැඩ ඇතිව හිරේ දැමිය යුතුයි.