(චාපා මධුභාෂිණී)

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වට්ටක්කා මිල පහළ බැසීමත් සමග හබරණ වට්ටක්කා ගොවීහු දැඩි අපහසුතාවයට පත්ව සිටිති.

වට්ටක්කා කිලෝවක් නිෂ්පාදනය සදහා රුපියල් 40-45 පමණ මුදලක් වැය කරන නමුත් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් වට්ටක්කා කිලෝවක් සඳහා රුපියල් 20-25 වැනි ඉතා අඩු මුදලක් බව ගොවීහු කියති.

ගොඩ බෝග වගාවක් ලෙස හබරණ, පුවක්පිටිය, ආසිරිගම, මහමීගස්වැව, නාමල්පුර, හල්මිල්ලෑව, රඹෑව සහ පඩිකාරමඩුව යන ප්‍රදේශ රැසක ගොවි පවුල් 1000 වැඩි පිරිසක් සිය ජීවන වෘත්තීය කරගෙන යනු ලබන්නේ වට්ටක්කා වගාවයි.

මෙම ගොවි මහතුන් මැදකන්නයේ වගා කර ඇති රාජා වර්ගයේ වට්ටක්කා බීජ මිලි ග්‍රෑම් 100ක් මිලදී ඇත්තේ රුපියල් 11 600 වැනි මුදලකටය. ග්‍රෑම් 100 බීජ වැපිරීම තුළින් අස්වනු ලෙස වට්ටක්කා කිලෝ 3000 – 4000 පමණ නෙලා ගන්නා බවත් ඔවුන් අප වෙත වැඩිදුරටත් නියන්නට විය.

බීජ වැපුරූ දා සිට රුපියල් 50,000 වැඩි මුදලක් වැය කරමින් පොහොර ආදිය යෙදීම සිදු කරන බවත් පසුව වගාවට ජලය පොම්ප කිරීමට පමණක් ඒක් කන්නයකට ඉන්ධන සදහා රුපියල් 50,000 පමණ මුදලකුත් කුලිවැඩට රුපියල් 20,000 පමණ වැය කරයි.

අස්වනු නෙළීමේ සිට ආර්ථික මධ්‍යස්ථානයට රැගෙන යාම සඳහා අමතරව රුපියල් 25,000සක් පමණ දැරීමට සිදු වේ. එතරම් මහන්සියෙන් වගා කර ගත් වට්ටක්කා කිලෝව රුපියල් 20-25 අලෙවි කිරීමෙන් තමන්ට බීජ වියදම සහ තමන්ගේ මහන්සියේ වියදමවත් උපයා ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇත.