
(අංජුල මහික වීරරත්න)
වැට් වැඩි කිරීම රජයේ අයහපත් ආර්ථික කළමනාකරණයේ ප්‍රතිඵලයක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි කළමනාකරණය මගින් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ හැකි බව රණවක මහතා කීය.
ඒ සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ යුතු යැයිද ඉන්පසු ආර්ථික සංවර්ධනය සඳහා වූ සංශෝධිත ක්‍රියා පිළිවෙතක් ලේඛන ගත කළ යුතු බව ද මන්ත්‍රීවරයා කීය.
යහපාලන සමයේදී ශ්‍රී ලංකාව ළඟා කර ගත යුතු ඉලක්ක 16 ක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සැකසූ නමුත් ඒවා සම්පූර්ණ ලෙස ඉටු කර ගැනීමට වත්මන් රජයට හැකියාවක් නැතැයි රණවක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උඹලා සේරම එකතුවෙලා මාරුවෙන් මාරුවට තරගෙට හොරකම් කරපුවගේ ප්‍රතිඵල තමයි අහිංසක ජනතාව විඳින්නේ
අනේ පලයන් මහත්තයෝ යන්න.උඹලා ඇමතිකම් කරනා කාලේ ඕවා උනේ .බුදියගෙනද හිටියේ