
(මහින්ද නිශ්ශංක සහ කීර්ති ප්‍රනාන්දු )
වැට් බදු ගෙවීමට සිදුවීම නිසා පාන් හැර අනෙකුත් සෑම බේකරි නිෂ්පාදනයක්ම මිල රුපියල් 12 ත් 15 ත් අතර මිලකින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පවසයි .
ඒ අනුව සීනි බනිස් ගෙඩියක මිලද රුපියල් 100 දක්වාමිල වැඩි වීමට ඉඩ ඇතැයිද ඔහු පැවසීය .
එබැවින් බේකරි නිෂ්පාදන වලින් වැට් බදු ගෙවීම් නිදහස් කර දෙන ලෙස ඉල්ලා සිටිමින් ඊයෙ (07) දින අග්‍රාමාත්‍යවරයා හට ලිපියකින් දැනුම් දුන් බව ද ඔහු කීය.
බේකරි කර්මාන්තය සඳහා යොදා ගන්නා සියලුම අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී ඒ සඳහා වැට් බදු ගෙවන බවත් යළිත් බේකරි නිෂ්පාදන සඳහාද වැට් බදු ගෙවීමට සිදුවීම අසාධාරණ හා බේකරි හිමියන්ට දරා ගත නොහැකියි බවත් සභාපති වරයා කීය .
මීට පෙර බේකරි හිමියන් සඳහා වැට් බදු ගෙවීමේ සීමාව මිලියන 300 දක්වා
ඉහල දමා තිබූ බව පවසන සභාපති වරයා එම සීමාව මිලියන 120 දක්වා පහළ දැමීම තුළින් බේකරි හිමියන් 75% කට වඩා පිරිසකට මෙසේ වැට් බදු
ගෙවීමට මෙවර සිදු වී ඇතැයි ද ජයවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය .
රජයෙන් කිසිදු සහනයක් නොලැබීම සහ රටේ පවතින ආර්ථික ගැටලු නිසා 8000 ක් පමණ වන බේකරි වලින් 2000ක් පමණ බේකරි දැනටමත් වැසි ඇති බව පවසන ඒ මහතා බේකරි නිෂ්පාදනය හා අලෙවිය ද සියයට 50කින් පමණ අඩුවී ඇතැයිද වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බේකරිකාරයො ඉස්සෙල්ලා නියමිත බරට සහ ප්‍රමිතියට පාන් ගෙඩිය දීපල්ලකො. ග්රෑම් 450 විය යුතු පාන් ගෙඩියෙ බර 350යි. බනිස් ගෙඩියෙත් මිල වැඩි කරන ගමන් සයිස් එක කුඩා කරනවා. ඉතින් තමුන්ලට හරි යයිද?