
(අමිල චින්තක ගමගේ)
පොත් වලට වැට් බැදු පැනවීම නිසා 30% කින් පමණ පොත් අලෙවිය අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමයේ ලේකම් දිනේෂ් කුලතුංග මහතා සඳහන් කරයි.
මේ නිසා අලුතින් පොත් ප්‍රකාශයට පත්වීම අඩු වී ඇති බවද, සමහර මුද්‍රණාල වසා දැමීමට සිදුවී ඇති බවද, හොඳින් අලෙවිවන පොත් වල නැවත මුද්‍රණ පළ කිරීම අපහසු වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ නිසා 2024 ජනවාරි මසට පෙර පැවති ලෙස පොත් කර්මාන්තය වැට් බද්දෙන් නිදහස් කරන ලෙස පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ඇතුළුව තවත් සංගම් කීපයක් එකතුව මේ ඉල්ලීම කරන බවද සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.ෙමේ යෝජනාව ජාතික ජන බලවේගයේ නව රජයෙන් ඉදිරිපත් කිරීමට නියමිත පළමු අයවැයට ඇතුළත් කරන ලෙසද පොත් ප්‍රකාශකයන්ගේ සංගමය ලෙස ඉල්ලීම් කරන බව ඔහු සඳහන් කළේය.
මෙහිදීමාධ්‍ය හමුවට එක් වූ පොත් සංගම් නියෝජිතයන් පෙන්වා දෙන්නේ මිනිස් ශ්‍රමය හැර පොත් සඳහා අවශ්‍ය සියලු ද්‍රව්‍යයක්ම ආනයනය කරනු ලබන අතර ඒ අවස්ථාවේ සිටම සීයට 33.045% ක බද්දක් රජයට ගෙවන බවයි.ඒ නිසා පොත් විකුණන අවස්ථාවේදී 18% ක එකතු කළ අගය මත වැට් බද්දක් පැනවීම බෙහෙවින් අසාධාරණ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොත් කර්මාන්තය ගොඩගන්න එක සමාගමක් ප්‍රදර්ශනය වෙලාවේ පොත් විකුණලා, ගුටිත් කවලා එවලා තිබුණා. දැන් මිනිස්සු වැඩියෙනුත් සල්ලි දීලා පොත් ගන්නවා...!
අනුර කිව්වානේ, වැට් සීරෝ කරනවා කියලා පාසල් ද්‍රව්‍යවල... කතා විතරයි. ජනතාව 2/3 දුන්නේ ඕවා කරන්න තමයි. දැන් අපි ඇඳිලා ඉන්නේ. අපි රැවටුණා දෙවියනේ... මේ අයට ඡන්දෙ දීලා...
ආනයන බදු ගෙව්වා කියලා කඩදාසි වලට පොත් වලට වැට් ගහන්න බෑ කියලා එකක් නෑ. අනික දැන් කොහොමත් පොත් වලට ලොකු ආදරයක් ඇති කෙනෙක් ඇරුනාම මිනිස්සු පොත් ගන්නෙ නෑ. හොඳම උදාහරණය කවි පොත්.
පොත් ප්‍රදර්ශනය තිබ්බා... එක ආයතනයක් අඩුම ලාභය කෝටිය පැන්නා.