
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නඩු තීන්දුව එන්නත් කලින් ප්‍රකාශයට පත්කර තිබූ බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් වජිර අබේවර්ධන මහතා මේ බව සඳහන් කළේය.
"ජනාධිපති ධුර කාලය වසර පහක් පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබෙනවා.අනුර කියූ සමහර නඩු තීන්දු නැවත විශ්ලේෂණය කර බැලුවොත් හොඳයි.
ජනපති ධුර කාලය ගැන ලඟදී නඩුව ඉදිරිපත් කළ දේශපාලන පක්ෂය අද ඉන්නේ විපක්ෂ නායකතුමා සමගයි. එමෙන්ම ඒ නියෝජිතයා ඇතුළු මුළු පක්ෂයම අද ඉන්නේ එම පක්ෂය සමඟයි. ඒ සම්බන්ධ ඡායාරූපත් මා දුටුවා. විපක්ෂ නායකතුමා එම පක්ෂ නායකයා බදාගෙන ඉන්න ඡායාරූපයකුත් මා දුටුවා.මේ නඩුව ඉදිරිපත් කර තිබෙන්නේ ඒ පක්ෂයෙන්" යැයි වජිර අබේවර්ධන මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය යකා කියන එක කරන්නෙත් නැහැ කරන එක කියන්නෙත් නැහැ කියලා රටම දන්නවා, ඒ වගේම අනීතිකව බලයේ ඉන්න ගේම් ගහන්න දක්ෂයෙක් බවත් අපි දන්නවා.
මෙයයි, බන්දුලයි, නිමල් සිරිපාලයි තුන් දෙනාටම තියෙන්නේ එකම පෙනුම...!
මූට එල්ලිලා ඉන්න ඉතුරු වෙලා තියෙන්නේ රනිල්ගේ රෙද්ද විතරයි