IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


විජයදාස ජනපතිවරණයට?

(සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය  බාර ගන්නැයි  එම පක්ෂයේ විධායක සභිකයෝ   සහ ආසන සංවිධායකයෝ  අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන්   එක හඬින් ඉල්ලීමක් කළහ.

මේ සම්බන්ධයෙන් අප විජයදාස රාජපක්ෂ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ  මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ  විධායක සභිකයන්ගේ සහ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි  එම පක්ෂ මූලස්ථානයේදී  පැවැත්විණ.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙම රැස්වීමේ ආරාධිත දේශකයකු ලෙස  සහභාගිවිය.ආසන සංවිධායකවරුන් විධායක සභිකයන් ඔහුගෙන් මෙම ඉල්ලීම කර ඇත්තේ එම රැස්වීමේදීය.

බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ  ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය ඇතුළු කරුණු කාරණා ගණනාවක් සම්බන්ධයෙන් තමා එහිදී  දේශනයක් පැවැත්වූ බව රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට එම පක්ෂයේ  සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමගි පැමිණෙන අයුරු දැකගත හැකිවිය.



අදහස් (24)

විජයදාස ජනපතිවරණයට?

දයාසේන Monday, 01 April 2024 06:05 AM

බණ්ඩාරනායක ප්‍රතිපත්ති අනුගමනය කරලා ජාති ආගම් කුල භේද ඇතිකර අවුරුදු තිහක යුද්ධයෙන් රට මුළුමනින්ම විනාශ වුණා... සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරලා ගම්බද දරුවන්ට ඉංග්‍රීසි අධ්‍යාපනය නැතුව ගියා... ඉතින් ඒ ප්‍රතිපත්ති අනුමත කර නැවතත් රට අගාධයකට දාන්න නම් ශ්‍ර්‍රී ලංකා නිදහස් පක්ෂය බලය දීම හොඳයි... කොහොමත් දකුණේ රාජපක්ෂලා එකිනෙකාට වෙනස් වෙන්න බැහැ...

:       3       22

NDF Monday, 01 April 2024 06:46 AM

ඇයි පොදු අපේක්ෂකයා වෙලා 2015 ජනාධිපතිවුනු මෛත්‍රීට නැවත ඉල්ලන්න බැරි. රනිල් UNPයට කලා වගේ මෛත්‍රී මේ සැරේ SLFP එක තනි ජාතික ලැයිස්තුවට බස්සනවා. ඒ ඡන්ද ටිකවත් එකතු කර ගන්න තමයි විජේදාසව බිල්ලට දෙන්න හදන්නේ.

:       0       25

සෑම් Monday, 01 April 2024 06:51 AM

විජේදාස රාජපක්ෂ කියන්නේ දේශපාලන කුනකටුවෙක් , තක්කඩියෙක් . පාදඩ රාජපක්ෂලා යහපාලන ආණ්ඩුව කාලේ බේරගත්ත අමනයෙක්

:       1       72

jJAYATH Monday, 01 April 2024 07:43 AM

වා මස්සිනා වා වා දෙන්නනම් තට !!!!!

:       1       36

මල් මාමා Monday, 01 April 2024 08:26 AM

අම්මපා මගේ කට සෑහෙන්න සත් භාවයෙන් රට සෑදීම

:       1       28

AKALANKA Monday, 01 April 2024 08:42 AM

නිස්සංක සේනාපති හිරේ නොයවා බේරා ගත්තා.ගෝඨාභය හිරේ නොයවා බේරා ගත්තා .දැන් රට බේරාගන්නවා .මොකෝ කියන්නේ ?

:       1       59

පුරවැසියා Monday, 01 April 2024 08:48 AM

බොහොම හොඳ තීරණය ක්. ජනතාව දැනටමත් චන්දෙ දෙන්නේ කාටද කියලා තීරණය කරලා ඉවරයි නමුත් කවදාවත් වෙනස් කරන්න බැරි සීමිත පිරිසක් ඉන්නවා පොදු ජන මතයට කැමති නැති ඒක නිසා ඒ වගේ අයට පුළුවන් ඔය එක එක අපේක්ෂක ය න් ට චන්දෙ දෙන්න

:       1       29

sulakkana Monday, 01 April 2024 08:51 AM

මෙයා බොහොම කාලෙක ඉඳන් තමයි ඕකට හොරගල් අහුලමින් හිටියේ .

:       2       37

අරවින්ද මොනරවිල Monday, 01 April 2024 09:12 AM

සිරිසේන තවත් ගේමක් ගහන්න වගේ යන්නේ ! තමන්ට ඔරොත්තු නොදෙන බලයක් තනතුරක් ලැබුනම මිනිස්සු පිස්සු නටනවා.ඒකට හොදම උදාහරණය සිරිසේන.

:       1       43

sisil Monday, 01 April 2024 09:12 AM

1950 දසකයේ බණ්ඩාරනායක ප්‍රතිපත්තිය, පක්ෂයේ ආරම්භය සහ විකාශනය, පංච මහා බලවේගය වර්තමානට යුගයට නොගැලපෙන බවක් නොතෙරිමම කනගාටුවකි.

:       0       42

Perera Monday, 01 April 2024 09:15 AM

ඩීල් දාස ජනපති ?රටට අබසරණයි

:       1       47

Sudath Monday, 01 April 2024 09:24 AM

ඩීල් දාස , අපේ නව ජනපතිට ජය.

:       7       25

Kapila Monday, 01 April 2024 10:00 AM

'ශ්‍රී ලංකා' කියන නම 'ඩීල් ලංකා' කියල වෙනස් කරන්න වෙයි

:       1       25

ලුම්බිණි Monday, 01 April 2024 10:05 AM

එච්චරයි අඩුව තිබුනේ.

:       1       25

බණ්ඩා Monday, 01 April 2024 10:11 AM

පිස්සු නැත්නම් ශෝක්. මම මේ අපි ගැන හිතලා කිව්වේ ආයිබෝං. බණ්ඩා

:       1       26

thushara Monday, 01 April 2024 10:13 AM

මෙයා ගිය උඩ...!

:       1       9

Upul Monday, 01 April 2024 10:31 AM

මං හිතන්නෙ මේ පාර ජනාධිපතිවරුන්ගේ ඡන්දයෙන් පුරවැසියෙක් තෝරගන්න වෙන පාටයි...

:       0       15

Hafeel Monday, 01 April 2024 11:32 AM

මෙයාට එක තැන ඉන්න බැහැ. ඇමතිකම් කියන මස් කට්ටක් දුන්න නම්, මෙයාවත් සුසිල් ප්‍රේම් ජයනතවත් ඕන පැත්තකට හරවන්නත් පුළුවන්. තවද එම ඇමති මස් කට්ටක් දීල, ඔවුන්ගේ කට වහන්නත් පුළුවන් සහ අරින්නත් පුළුවන්. මෙයාට ලැජ්ජාව ගෑවිලාවත් නැහැ.

:       0       19

Kazi Shajahan Monday, 01 April 2024 11:33 AM

ඒ කාලෙත් හොරුන්ව ආරක්ෂා කළා,ජනාධිපති උනොත් ඒකමයි කරන්නේ ,ජරාපක්ෂලා විශ්වාස කරපු හරිය මදැයි ,තවත් නම් රාජපක්ෂලා ඕනෑම නැහැ ,බානුක රාජපක්ෂ විතරක් හිටියම ඇති

:       0       15

චන්දිම Monday, 01 April 2024 11:59 AM

ඉස්සර නම් අපිත් රැවටුනේ හරි හොඳ අවංක ප්‍රතිපත්ති ගරුක කෙනෙක් කියලා. නියම මිනිහා තමයි ජනාධිපතිම කර ගන්න. හහ් හහ් හා.

:       0       16

සත්‍යපාල Monday, 01 April 2024 12:36 PM

හැමදේටම බණින, ගෑනුන් උඩ දාගෙන නටන, ගෑණුන්ගේ කකුල් ලෙවකන, කිසිම සොයාබැලීමක් නොකර ඔහේ කියවන, මොලේ කොලොප්පන්, බාගෙට පිස්සු, බුද්ධිය නැති, රාගයෙන් ද්වේශයෙන් මෝඩකමින් පිරුණු, කලියුගයේ මිනිස්සු අපිවෙමු!

:       1       6

ගමේ එකාලා Monday, 01 April 2024 12:45 PM

මෙයා කියපු කරපු දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දන්නෝ හොඳාකාරවම දනිති.

:       0       12

avantguard Monday, 01 April 2024 01:30 PM

මුහුදු කොල්ලකරුවන් වන අපගේ සුභාසිංසණ.. මුහුදේ සුළඟට යකඩ ඇතිල්ලිලා තුවක්කුවල නම්බර් නැති වුනේ අපේ...!

:       0       15

Prabha Monday, 01 April 2024 01:37 PM

කොයිපැත්තෙන් හිනාවෙන්නද කියලා තේරෙන්නේ නෑ... අයියෝ...!

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site