IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට

(රෝෂන් තුෂාර)

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස පත්වීම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම පක්ෂයේ වැඩ බලන ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවරු නඩුව විභාගයට ගැනීමට තීරණය කළ කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතානගේ මහතා නඩුවේ කරුණු අද තහවුරු කරන ලෙසට පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය  .

කඩුවෙල දිසා අධිකරණය මගින් රාජපක්ෂ මහතාගේ කටයුතුවලට බාධා කිරීම වළක්වමින්  වාරණ නියෝගයක් නිකුත් කර තිබුණද එම නියෝගයන්ට අගති රහිතව මෙම නඩුවේ කරුණු තහවුරු කිරීමට හැකි බව පෙන්වා දුන් ප්‍රධාන දිසා විනිසුරුවරයා පුරවැසියන්ට නීතියේ රැකවරණ ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති අයිතියට ගරු කරමින්  විත්තිකරුවන්ට එරෙහි වාරණ ඉල්ලීම ඉදිරිපත් කරන ලෙසට  පැමිණිලි පාර්ශවයට දන්වා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් දුමින්ද දිසානායක මහතා මෙම නඩුව පවරා තිබූ අතර විත්තිකාර  රාජපක්ෂ මහතාට සභාපති ධූරයේ කටයුතු කළ නොහැකි බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ කටයුතුවලට හා වැඩ බලන ප්‍රධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන තමන්ට බාධා කිරීම් සිදු කිරීම වළක්වමින් වාරණ නියෝග නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

(14) දින මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර රාජපක්ෂ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මූලික විරෝධතාවයක් මතු කරමින් කියා සිටියේ කඩුවෙල දිසා අධිකරණය මගින් වාරණ නියෝගයක් නිකුත් කර ඇති බැවින් ඒ සම්බන්ධයෙන් මෙම අධිකරණය සලකා බැලිය යුතු බවය.



අදහස් (2)

විජේදාසට එරෙහි දුමින්දගේ නඩුව විභාගයට

Aravinda Monarawila Wednesday, 15 May 2024 11:27 AM

අන්තෝ ජටා, බහි ජටා කිව්වලු, ඒ වගේ තමයි මේකත් බණ්ඩාරනායක මහත්තයා අද ජීවත්වෙලා හිටියා නම් සියදිවි නසා ගන්නවා ... මේ කරන අපරාධය දැකලා...!

:       1       6

Nadeera Wednesday, 15 May 2024 02:30 PM

කඩුවෙල අධිකරණයේ ඇති විශේෂත්වය මොකද්ද? ගොඩක් දේශපාලනික තීන්දු එම අධිකරණය හරහා නිකුත්කරනවා.

:       1       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site