(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන් ඒකමතිකව තේරී පත්විය.
එම කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුද තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.
ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර, කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල, කනක හේරත්, විජිත බේරුගොඩ, තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන, වීරසුමන වීරසිංහ සහ සමන්ප්‍රිය හේරත් එම කමිටුවට පත් කරනු ලැබ සිටින සාමාජික මන්ත්‍රීවරු වෙති.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන අනුව මෙම පත්කිරීම කර ඇත.
කතානායක වරයා මෙම පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට අද (23) දැනුම් දුන්නේය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
විජේදාස රාජපක්ෂ ආචාරධර්ම කමිටුවේ සභාපති පුටුවට
siri Friday, 23 September 2022 07:27 PM
අත්තෙන් අත්තට පනින කෙනාගේ අචාර ධර්ම මොනවද කියලයි මං මේ දස අතේ කල්පනා කරන්නේ...? අනේ අනිච්ඡං... කාලෙකට ඉස්සර හොඳට තිබ්බ රටකට ගිය කලක්..