(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය  විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබද කාරක සභාවේ නව සභාපති වශයෙන්  ඒකමතිකව තේරී පත්විය.

එම කාරක සභාව සඳහා සාමාජික මන්ත්‍රීවරුද  තේරීම් කාරක සභාව විසින් පත් කරනු ලැබ සිටිති.

ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර,  කබීර් හෂීම්, ආර්. එම්. රංජිත් මද්දුම බණ්ඩාර, තලතා අතුකෝරල,  කනක හේරත්,  විජිත බේරුගොඩ,  තාරක බාලසූරිය, අනුරාධ ජයරත්න, ජී. ජී. පොන්නම්බලම්, හේෂා විතානගේ, කෝකිලා ගුණවර්ධන,   වීරසුමන වීරසිංහ සහ  සමන්ප්‍රිය හේරත් එම  කමිටුවට පත් කරනු ලැබ සිටින සාමාජික  මන්ත්‍රීවරු වෙති.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන අනුව මෙම පත්කිරීම කර ඇත.

කතානායක වරයා මෙම පත්කිරීම පිළිබඳව පාර්ලිමේන්තුවට අද (23) දැනුම් දුන්නේය.