
(අංජුල මහික වීරරත්න)
ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කළ ධනුෂ්ක රාමනායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ධනුෂ්ක රාමනායක මහතාගේ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ධුර කාලය තුළ ජනාධිපති මුක්තිය හේතුවෙන් ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ නෛතික කටයුතු ඉදිරියට ගෙන නොගිය බවට නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීම වෙනුවෙන් පසුගිය ඔක්තෝම්බර් 01 වෙනිදා පැවැත්වු සිය පළමු මාධ්‍ය හමුවේදී සිදුකළ ප්‍රකාශය සාවද්‍ය ය.
දැන හෝ නොදැන සිදුකළ එකී ප්‍රකාශය මත මාධ්‍ය ආයතන ඇතුළු සමස්ථ ජනතාව නොමග යවන සුළු බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකළ යුතුව ඇත.
එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් බැඳුම්කර ගනුදෙනුව විභාග කිරිමට පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කල අතර එය විසින්, ඉන් අනතුරුව 2015 පෙබරවාරි 27 වන දින සිදු කළ බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව විමර්ශනය කරන ලදී.
ඉන් අනතුරුව එවකට විනිසුරුවරුන් ලෙස කටයුතු කළ වත්මන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපතිවරයෙකුගෙන් සමන්විත ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් පරීක්ෂණයක් සිදු කළ අතර, එහිදී එවකට අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විශාල පිරිසක් සාක්ෂි ලබා දුන්හ.
මෙහිදී අවධාරණය කළ යුතු වැදගත් කරුණක් වනුයේ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනු සම්බන්ධයෙන් යම් පරීක්‍ෂණ පැවැතිය ද, මහ බැංකුව විසින් එම සමාගමේ රුපියල් බිලියන 12ක මුදලක් රඳවාගෙන ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකා රජයට කිසිදු මූල්‍යමය අලාභයක් සිදුවී නොමැති බව තහවුරු විය. එම කොමිෂන් සභාව විසින්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ සඳහා කිසිදු සම්බන්ධයක් නොමැති බව තහවුරු කරමින් නිදහස් කලේය.
කෙසේ වුවත් මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිවරයා පුද්ගලයන් 10 දෙනෙකුට එරෙහිව අධි චෝදනා ගොනු කළ අතර මෙම නඩුව ගරු චමත් මොරායස් (සභාපති), ගරු දමිත් තොටවත්ත සහ ගරු එච්. නාමල් බණ්ඩාර බැල්ලලේ යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේදී විභාගයට ගැනිණ. එහි දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් සියලුම විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන ලදී.
නීතිපතිවරයා විසින් මෙම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණය වෙත අභියාචනා ඉදිරිපත් කළ අතර මේ පිළිබඳ ගරු අධිකරණයේදී කරුණු සලකා බැලීමෙන් අනතුරුව එම අභියාචනය ද ප්‍රතික්ෂේප විය.
අනතුරුව මෙම නියෝගයට එරෙහිව නීතිපතිවරයා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවතින අතර 2025 ජනවාරි මාසයේදී විභාගයට ගැනීමට නියමිතය.
ගරු නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මුල් අධිචෝදනා පත්‍රයේ සඳහන් විත්තිකරුවන්ට එරෙහිව සාක්ෂි දීමට සාක්ෂිකරුවන් 59 දෙනෙකු ලැයිස්තුගත කර ඇත.
එසේම අවධාරණය කළ යුතු තවත් කරුණක් වනුයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නඩුවේ සාක්ෂිකරුවෙකු හෝ නොවන බවය.
එබැවින් ගරු විජිත හේරත් මහතා චෝදනා කරන පරිදි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට යම් මුක්තියක් ඉල්ලා සිටීමේ අවශ්‍යතාවයක් නොතිබූ අතර ඇත්ත වශයෙන්ම හිටපු ජනාධිපතිවරයා කිසිම අවස්ථාවක එවැනි මුක්තියක් ඉල්ලා නොමැත.
එසේම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ,ඉතිහාසයේ මෙරට මුහුණදුන් දරුණුම ආර්ථික අර්බුදය වසර දෙකක් තුළ සමනය කර දුන්නා පමණක් නොව, දිග්ගැස්සෙන අරාජිකත්වයක් වෙත ඇදීගිය රටක් නිදහස් හා සාමකාමී තත්ත්වයකට පත්කළ බවද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. එබැවින් අධිකරණයේ ස්වාධීනත්වය ද මේ වන විට හොඳින්ම තහවුරු කර තිබෙන බැවින් ඕනෑම සිදුවීමකට අදාළව යුක්තිය පසිඳලීමට බාධාවක් නොමැත.
එවැනි පසුබිමක වගකිවයුතු අමාත්‍යවරයකු සහ කැබිනට් ප්‍රකාශක ලෙස දැන හෝ නොදැන සාවද්‍ය ප්‍රකාශ සිදුකිරීම නොසුදුසු බව කාරුණිකව දැනුම් දෙමි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා තවත් හදන්නේ අහිංසක මිනිස්සුන්ට ලණු දෙන්න. මුලින්ම ආවේ සිංහල බෟද්ධෙයක් විදිහට පාඨලීගේ පිටිපස්සෙන්. අන්තිමට නැවතුනේ රනිල්ට කඩේ ගිහින්. තවත් රට්ටු හිනස්සන්නේ නැතුව ඉන්න මහත්තයෝ.
එවකට අග්‍රාමාත්‍ය? ජනාධිපතිවරයෙක් ඉන්න කොට, අගමැති කොහොමද කමිටු පත්කරන්නේ
දැන් මෙතන ධනුෂ්ක රාමනායක මහත්මයා කියලා තියෙන එකම එක සාවධ්‍ය දෙයක් කියන්න පුළුවන් ද මෙන්න මේක බොරු කියලා? මේ චමින්දයෝ...තමුන් ජවිපෙ ට කඩේ යන එකයි, සත්‍ය සහ අධිකරණ තීන ප් දු යි පටලා ගෙන නිකම් ගොනෙක් වගේ හැසිරෙන්න එපා. තේරුනාද? ඔව්, රනිල් කිසිම බැඳුම්කර මගඩියක් කරලත් නෑ, වැරදි නෑ කියලා නිදොස් කොට නිදහස් වෙලා ඉන්නේ. ඉතින් ගිහින් පුළුවන් නම් ආයෙත් ඒ අධිකරණයේ ම නඩු දාන්න කියනවකො. දැන් නඩුයි බඩුයි ඔක්කොම ඔහෙලගේනේ. ජෙප්පෝ ඕයි කවදත් කරේ බොරුවම තමයි.
ඔය කතා වැඩක් නැහැ, අර්ජුන මහේන්ද්‍රන් මගුල් ගෙදර ගියා කියල සිංගප්පූරුවට යවල හංගල මේ රටට ගෙන්වන එක වැලැක්වුවා , රාජපක්ෂවරුගෙ සහායෙන්
ඇත්ත උනත් ඔහෙලා කියන කිසිම කතාවක් කවුරුවත් දැන් විශ්වාස කරන්නේ නැහැ
දැන දැන මහජනතාව නොමග සුලු ප්‍රකාශ සිදුකිරීම කැබිනට් ප්‍රකාශක ලෙස සිදුකොට ඇත්තේ බලවත් වරදක්. ඒ වගේම අධිකරණයට කරන ලද අවනම්බුවක් නෙමෙයිද මේ. කවදාද මේ රැවටීම නවත්වන්නේ?
අපි දැක්ක රනිල් තමන්ගේ පක්ෂෙම ඉන්න නිතිවේදින් 3 ක් පත්කරලා වර්තාවක් කැදවලා ජනතාව නොමඟ යවලා සිද්දිය මුලදි වහපු විදිය ! මෙයා වගෙ අය තමයි සල්ලිවලට ඕන බොරුවක් ගොතන්නේ ලැජ්ජා වෙන්න ! එත් එක්කම අපි අනුර ජනපතිට කියන්නෙ කෙකෙර ගග ඉන්නෙ නැතුව වහම නිති පියවර ගන්න
මහා දවල් මහා තෙල් බොරුවෙන් සතියක් ගියේ නෑ තව බොරුවක්. NPP හොරු ඇල්ලීම කෙසේ වෙතත් අපිට NPP බොරු අල්ලන්න තව ආන්ඩුවක් ගේන්න වෙයිද මන්ද!
එවකට මහ බැන්කු අධිපතියා පත් කෙරුවේ රනිල්. ටික දවසකින් මහ බැංකු, බැඳුම්කර, වන්චා කරලා පැනලා ගියා. රනිල්ට අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්වා ගන්ඩත් බැරි වුණා. පාර්ලිමේන්තුවේ දී මහා බැන්කු හොරා කියලා කියාපු කෙනා අගමැති කෙරුවා...!
අර්ජුන් මහේන්ද්‍රන් සහ අර්ජුන් ඇලෝසියස් එකතුවෙලා හොර රහසේ කරපු වරදකට අර්ජුන් මහේන්ද්‍රන්ව ඒ තනතුරට යෝජනා කරපු රනිල්ව වැරදිකරු වෙන්නේ කොහොමද? කොහේවත් ඔප්පු වෙලා නෑ රනිල් ඒ වරදට සම්බන්ධයි කියලා. අනික ඒක ආරංචි වුණු ගමන් ඒ මුදල නවත්ත ගත්තා. රනිල් මහ බැංකුව කැඩුවා කියලා රටම රවට්ටලා ඡන්දේ ගත්තා නම් ඔප්පු කරන එකයි ඇත්තේ...